ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබා දෙනවා වෙනුවට ඔවුන්ගේ වාහන සඳහා ඉන්ධන කෝටාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇත.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බැවින් මෙම තීරණයට එළඹ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
නමුත් රජයේ ඇමතිවරුන්ට හා නියෝජ්යා මැතිවරුන්ට අමාත්‍යාංශවල රාජකාරී කටයුතු සඳහා ඔවුන්ට නිල වාහනයක් ලබා දෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි .
තමන්ට ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් මහජන සේවාවන්වල නිරතවීමට සිදුව තිබෙන බැවින් ඒ සඳහා සරිලන වාහනයක් ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් රජයෙන් ඉල්ලා ඇති බව ඉහත ආරංචිි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.