Home අද විදුලි ගාස්තු සංශෝධනයත් කයියක් විතරයි !

විදුලි ගාස්තු සංශෝධනයත් කයියක් විතරයි !

226
0

වත්මන් විදුලි බිල 30%කට වැඩි ප්‍රමාණයකින් පහත දමන්නේ ඉදිරි වසර 3ක කාලය තුළ බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළද පසුගිය ජනාධිපතිවරණ සමයේදී අපේක්ෂකයකු ලෙස වත්මන් ජනාධිපති අනුර දිසානායක පොරොන්දු වූයේ, තම පාලනයක් යටතේ ඉතාම කෙටි කාලයක් තුළ විදුලි ගාස්තුවේ දැනෙන මිල අඩුකිරීමක් සිදුකරන බවයි.

කෙසේ නමුත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව ජනාධිපති අනුරගේ පොරොන්දුව කඩවුණ පොරොන්දුවක් බවට පත්වෙයි.

මේ අතර පසුගියදා සිදුකිරීමට නියමිත වූ විදුලි ගාස්තු සංශෝධනය ද නියමිත වේලාවට සිදුවූයේ නැත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ, විදුලි ගාස්තු සංශෝධනය සම්බධයෙන් වන යෝජනාව දෙසැම්බර් 06 වනදා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන බවයි.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු. ඒ.ඩී.කේ පරාක්‍රමසිංහ ප්‍රකාශ කරන ආකාරයට් විදුලි බිල් සංශෝධනයට අදාල වාර්තාව සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතියි.

2024 අවසන් කාර්තුව සඳහා සියයට 06 – 11 අතර තීරුබදු අඩු කිරීමක් විදුලිබල මණ්ඩලය මීට පෙර යෝජනා කර තිබුණද
, මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් 2025 පළමු මාස ​​හය සඳහා ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කරන ලෙස ලංවිමට උපදෙස් දී තිබෙන බවද ඔහු පවසයි.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම පාර්ශ්වයෙන් වාර්තා වනුයේ, විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත්කිරීම 2025 ජනවාරි 17 පමණ වනු ඇති බවයි.

Previous articleසහල් පොල් නැතියි කීම විපක්ෂයේ ප්‍රයෝගයක් – ඇමතිනී සරෝජා : එහෙනම් සහල් ආනයනය කරන්නේ ඇයි ?
Next articleසඟමිත් මහ තෙරණින් වහන්සේ වැඩමවීම සිහිකරමින් නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් මහපිංකමක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here