Home අද ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරද‍ඩුවම්

ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරද‍ඩුවම්

9
0

හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

අදාළ චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

2019 වසරේ ජූලි මස 12 වන දා කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කළ වැටලීමකට අනුව මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබූ අතර මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව විත්තිකරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට විනිසුරුවරයා විසින් නියෝග කොට තිබේ.

Previous articleවිදුලි සැර වැදී “දීඝදන්තු 1” අවසන් ගමන් යයි (PHOTOS)
Next articleරෝහල් රැසක ඉන්සියුලින් හිඟයෙන් ලෙඩ්ඩු අමාරුවේ – රෝගීන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here