චීනයේ සංචාරය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ආරාධනයක් ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේ පමණ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බවයි. එම සංචාරයේ දින වකවානු තවමත් තීරණය කර නොමැති බව ද වෛද්‍ය ජයතිස්ස මහතා පැවසීය.
චීන සංචාරය සඳහා මෙරට චීන තානාපති කාර්යාලයෙන් ආරාධනය ලැබී තිබුණි.