Home අද අගමැති ධුරයෙන් ඉවත් කිරීමට නියෝග – නව අගමැතිවරයෙක් පත්කෙරේ

අගමැති ධුරයෙන් ඉවත් කිරීමට නියෝග – නව අගමැතිවරයෙක් පත්කෙරේ

80
0

හයිටි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක කවුන්සිලය සියවර ගෙන තිබේ.

ඔහු ව එම ධුරයට පත්කෙරුණේ 2024 ජුනි 03 වනදා වන අතර එම කවුන්සිලයේ සාමාජිකයින් 9 දෙනාගෙන් 8 දෙනෙකුගේ අත්සන් සහිතව ඒ සඳහා නියෝගයක් නිකුත්කර තිබූ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොනීල් වෙනුවට ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන හයිටි සෙනෙට් අපේක්ෂකයෙක් වන ඇලික්ස් ඩිඩියර් ව පත්කර ඇත.
  
එක්සත් ජාතීන් ගේ සංවිධානයේ හිටපු නිලධාරියෙක් වන කොනීල් ව හයිටියේ අගමැති ලෙස පත්කළේ එරට ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයකට පත්කිරීමේ අරමුණින් බවත්‍, එරට වීථි ගැටුම් සහ විවිධ සන්නද්ධ කල්ලි අතර ඇතිවූ ගැටුම් ව්‍යාප්ත වීම හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු විසඳීමේ අරමුණකින් බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
 
2016 ට පසු එරට ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සුදුසු පරිසරය නිර්මාණය කිරීම ඔහුට පැවරුනු ප්‍රධානතම වගකීමක් බවත් ඔහු එහිදී අසාර්ථක වූ බවත් වාර්තා වේ.

මේ අතර‍, තමාව එම ධුරයෙන් අස්කිරීම නීතිවිරෝධී බවත් එමගින් හයිටි යේ අනාගතය තවත් ගැටලුකාරී වනු ඇති බවත් කොනීල්ව පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Previous articleඡන්ද සටනේ අවසන් රැළි පැවැත්වෙන තැන් මෙන්න
Next articleCID භාරයට ගත් සුජීවගේ V8 එක අධිකරණයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here