හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහ මහතා භාවිත කළ V8 වර්ගයේ
සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස
කොටුව මහෙස්ත්ර්ත් අධිකරණය නියෝග කළේය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාල ව ගොනුකරන ලද මෝසමක් අද 11 සලකා බැලූ අවස්ථාවේ මෙම නියෝගය කර තිබේ
සුජීව සේනසිංහ මහතාට අයත් කොළඹ මල් පාරේ පිහිටි නිවසේ නිත්‍යානුකූල නොවන ජීප් රථයක් රඳවා ඇති බවට පසුගිය සතියේ ලැබුණ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.
මෙම මෝටර් රථය වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය මීට පෙර නියෝග කර තිබුනේ එම දෙපාර්තම්න්තුව සිදු කළ ඉල්ලීමක් මතයි.