Home අද මේක මාර වදයක් මට අයින් වෙන්න දෙන්නේ නෑ – හිරුණිකා

මේක මාර වදයක් මට අයින් වෙන්න දෙන්නේ නෑ – හිරුණිකා

292
0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කිරීමට අවශ්‍ය නිසා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට තමන්ට ඉඩ නොදෙන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහත්මිය මේ බව කියා සිටියා.

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට ගත් තීරණය කිසිවකු අපහසුතාවයට පත්කිරීමේ අරමුණෙන් ගත තීරණයක් නොවන බවත් ඉදිරි මැතිවරණයට තමන්ගේ මැතිවරණ කටයුතු කිරීමේ අරමුණෙන් ගත තීරණයක් බවත් ඒ මහත්මිය කියා සිටියා.

පක්ෂය විසින් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොගත්තත් තමන් තවමත් එම තීරණයේ සිටින බවත් ඉදිරියේ තමන්ගේ මැතිවරණ කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත් ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

එම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ පක්ෂය සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඉල්ලා අස්වීම බාර නොගන්නා බවයි.

එහිදී දැක්වූ අදහස් මෙතැනින්

Previous article“ශ්‍රීලංකන් විකුණන්නේ නෑ ” නව සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Next articleදවස් හතරක් ලිපිගොනුවක් ලඟ තබා ගැනීම බරපතල අපරාධයක් නම් වසර නවයක් පුරාවට දූෂණ පිළිබඳ තොරතුරු ලඟ තබා ගත් මාලිමා නායකයින් කෙතරම් බරපතල අපරාධකාරයෝ ද? – ගම්මන්පිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here