Site icon Newshub

මේක මාර වදයක් මට අයින් වෙන්න දෙන්නේ නෑ – හිරුණිකා

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කිරීමට අවශ්‍ය නිසා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට තමන්ට ඉඩ නොදෙන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහත්මිය මේ බව කියා සිටියා.

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට ගත් තීරණය කිසිවකු අපහසුතාවයට පත්කිරීමේ අරමුණෙන් ගත තීරණයක් නොවන බවත් ඉදිරි මැතිවරණයට තමන්ගේ මැතිවරණ කටයුතු කිරීමේ අරමුණෙන් ගත තීරණයක් බවත් ඒ මහත්මිය කියා සිටියා.

පක්ෂය විසින් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොගත්තත් තමන් තවමත් එම තීරණයේ සිටින බවත් ඉදිරියේ තමන්ගේ මැතිවරණ කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත් ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

එම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ පක්ෂය සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඉල්ලා අස්වීම බාර නොගන්නා බවයි.

එහිදී දැක්වූ අදහස් මෙතැනින්

Exit mobile version