Home අද මහ බැංකු බැඳුම්කර විකුණා බිලියන 95ක් සොයන්න යයි

මහ බැංකු බැඳුම්කර විකුණා බිලියන 95ක් සොයන්න යයි

1162
0

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 ඔක්තෝබර් මස 11 වැනි දින 10.75%2028’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 70,000ක, සහ 09.00%2032’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට නියමිතයි.

ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් වන අතර පොලිය ගෙවූ අවසාන දිනයේ සිට පියවීම කරනු ලබන දිනට උපචිත පොලිය රහිත මිල පදනම් කර බැඳුම්කර සඳහා ලංසු කැඳවනු ලැබේ.

ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට (මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට) ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකිය.

Previous article2021 පසු මෙරටට පැමිණි ඉහළම ඇමරිකානු හමුදා ප්‍රධානියා ජනපති හමුවේ
Next articleව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත ශ්‍රී ලංකා ආර්ථිකයේ ධනාත්මක ඉදිරි දැක්මක් – ලෝක බැංකුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here