Site icon Newshub

මහ බැංකු බැඳුම්කර විකුණා බිලියන 95ක් සොයන්න යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 ඔක්තෝබර් මස 11 වැනි දින 10.75%2028’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 70,000ක, සහ 09.00%2032’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට නියමිතයි.

ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් වන අතර පොලිය ගෙවූ අවසාන දිනයේ සිට පියවීම කරනු ලබන දිනට උපචිත පොලිය රහිත මිල පදනම් කර බැඳුම්කර සඳහා ලංසු කැඳවනු ලැබේ.

ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට (මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට) ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකිය.

Exit mobile version