Home අද දූෂණ නැතිකරන්න කතාකරන සජිත් තොරතුරු දීම මඟහරියි

දූෂණ නැතිකරන්න කතාකරන සජිත් තොරතුරු දීම මඟහරියි

915
0

දුෂණ වංචා පිටුදැකීම පිළිබඳ නිරන්තරයෙන් වාදවිවාද සිදුකරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා තොරතුරු අයිතිය යටතේ විපක්ෂ නායක කාර්යාලයේ තොරතුරු ලබාදීම ප්‍රතික්ශේප කර තිබේ.

රජයේ මුදල් භාවිතා කරන සෑම ආයතනයත්ම තොරතුරු පනත යටතේ තොරතුරු ලබාදීමට බැදී සිටියි. විපක්ෂ නායක කාර්යාලයේ කටයුතු සඳහා ද රජය මගින් මුදල් වෙන්කිරීමක් සිදුකරන අතර ඒ අනුව එය තොරතුරු ලබාදීම සිදුකරන පොදු අධිකාරියක් බවට පත්වේ.

කෙසේ වෙතත් පුරවැසියෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති අතර එය ලබාදිය නොහැකි බව පවසමින් විපක්ෂනායක කාර්යාලය එය ප්‍රතිපත්ශේප කර තිබේ.

දුෂණ වංචාවන් පිටුදැකීමට කටයුතු කරන බව නිරන්තරයෙන් කතාකරන සජිත් ප්‍රේමදාස මහතාගේ සැබෑ ක්‍රියාකලාපය  මෙම සිදුවීමෙන් හෙළිදරව් වු බවත් මේ සම්බන්ධයෙන් අදාළ පුරවැසියා සිය විරෝධය පළකිරීමත් සිදුකර තිබේ.

Image

Previous articleඅපි ආවම හදන්නේ පෞද්ගලික විදුලි බලාගාර විතරයි – චතුරංග අබේසිංහ
Next articleඅපි මන්නාරම් ද්‍රෝණියේ ගෑස් හාරනවා – ජාතික ජන බලවේගය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here