Site icon Newshub

දූෂණ නැතිකරන්න කතාකරන සජිත් තොරතුරු දීම මඟහරියි

දුෂණ වංචා පිටුදැකීම පිළිබඳ නිරන්තරයෙන් වාදවිවාද සිදුකරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා තොරතුරු අයිතිය යටතේ විපක්ෂ නායක කාර්යාලයේ තොරතුරු ලබාදීම ප්‍රතික්ශේප කර තිබේ.

රජයේ මුදල් භාවිතා කරන සෑම ආයතනයත්ම තොරතුරු පනත යටතේ තොරතුරු ලබාදීමට බැදී සිටියි. විපක්ෂ නායක කාර්යාලයේ කටයුතු සඳහා ද රජය මගින් මුදල් වෙන්කිරීමක් සිදුකරන අතර ඒ අනුව එය තොරතුරු ලබාදීම සිදුකරන පොදු අධිකාරියක් බවට පත්වේ.

කෙසේ වෙතත් පුරවැසියෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති අතර එය ලබාදිය නොහැකි බව පවසමින් විපක්ෂනායක කාර්යාලය එය ප්‍රතිපත්ශේප කර තිබේ.

දුෂණ වංචාවන් පිටුදැකීමට කටයුතු කරන බව නිරන්තරයෙන් කතාකරන සජිත් ප්‍රේමදාස මහතාගේ සැබෑ ක්‍රියාකලාපය  මෙම සිදුවීමෙන් හෙළිදරව් වු බවත් මේ සම්බන්ධයෙන් අදාළ පුරවැසියා සිය විරෝධය පළකිරීමත් සිදුකර තිබේ.

Exit mobile version