Home අද ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඡන්දේ කල්දැමීමට සිදුවීම ගැන කිසිඳු කණගාටුවක්...

ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඡන්දේ කල්දැමීමට සිදුවීම ගැන කිසිඳු කණගාටුවක් නැහැ – ජනපති

979
0

ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඡන්දේ කල්දැමීමට සිදුවීම ගැන කිසිඳු කණගාටුවක් නොමැති බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(22දා) ප්‍රකාශ කළේය.

නව ජනතා පෙරමුණේ ජාතික මහා සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

“දේශපාලනවශයෙන් අපි දැන් ඉන්නේ අලුත් යුගයක. කවුද ඒ යුගය ඇති කළේ?. අපි කණ්ඩායමයි ඒ යුගය ඇති කළේ. රටේ සම්ප්‍රදායික ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවක ඒ කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න සම්ප්‍රදායික නායකයෝ හිටියේ නැති අවස්ථාවේ අපි කණ්ඩායම එකතුවෙලා ඒ වගකීම භාරගත්තා. මාව පත්කළේ අගමැති හැටියට. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. සාමාන්‍යයෙන් විරුද්ධ පක්ෂ දෙකේ අය එකතුවෙන්නේ නැහැ. 1931 එංගලන්තයේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ආර්ථික අර්බුදයක් මැද ආණ්ඩුවක් හැදුවා. ඒ නිසා අපි කරපු එකේ වැරැද්දක් නැහැ. මම අගමැතිකම ඉල්ලලා ගත්තේ නැහැ. ගන්න කවුරුත් හිටියේ නැති නිසා මම ගත්තා. මම ජනාධිපතිවුණාම මේ ඇමති මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහයෝගය සමඟ මේ අභියෝගය භාරගත්තා. කවුරුත් හිතුවේ නැහැ මේක හරියයි කියලා. සම්ප්‍රදායික දේශපාලනයේ කතාකරනවා විතරයි වගකීම් භාරගන්නේ නැහැ. ඒකට සජිත් ප්‍රේමදාස වගේම අනුර දිසානායකත් අයිතියි.

මේ නිසා අපි රට ගැන හිතන අලුත් දේශපාලනයක් ඇති කළා. ජාතික ප්‍රතිපත්තියක් එක්ක වැඩකරනවා. රට ඉදිරියට ගෙනියන්නනම් අපි ඒ ඔස්සේ වැඩ කරන්න ඔනේ. අපි දැන් මේ ආණ්ඩුව භාරඅරගෙන අවුරුදු දෙකක් තුළ රට ස්ථාවර කරලා තියෙනවා. ආදායම වැඩිකරලා තියෙනවා. භාණ්ඩවල මිල අඩුකරලා තියෙනවා. නමුත් තවමත් යම් බරක් ජනතාවට තියෙනවා. අපි නැහැ කියන්නේ නැහැ. ඒකත් අපි ඊලඟ අවුරුදු දෙක තුළදී නැති කරනවා. අපේ ආර්ථිකය කඩා වැටුණා. එය යළි මේ තත්වයට ගෙන ඒමට අපිට වැඩකටයුතු රාශියක් කරන්න තිබුණා. ඒදේවල් කළ නිසා තමයි අපි මේතත්වයට ආවේ. කොන්දේසි මාරුකරනවා කියන්නේ දැන් තියෙන කොන්දේසි වලින් ඉවත් වෙනවා කියන එක. ඒ කියන්නේ රට කඩා වැටෙනවා. මම රට භාරගනිද්දි  රටේ දළ දේශිය නිෂ්පාදනය ඩොලර් බිලියන 89 න් ඩොලර් බිලියන 76 ක් දක්වා වැටිලා තිබුණා. අපි මේක සීඝ්‍රයෙන් ඩොලර් මිලියන 84 දක්වා වැඩිකරලා තියෙනවා. මුල් තත්වය පහුකරලා යන්න තව ඩොලර් මිලියන 05 වගේ තිබෙන්නේ. වෙනත් රටවලට අවුරුදු පහක් දහයක් යන එක අපි අවුරුදු දෙකෙන් කළා. මේ ඔක්කොම අමතක කරලා ප්‍රාදේශිය නගර සභා ඡන්ද තිබුණානම් මොකද වෙන්නේ. නාමයෝජනා වලට සති 03 යි . ඡන්දෙ තියන්න තව මාස 02 යි. මේකාලය නැතිවුණානම් අද අපි රුපියල් බිලියන 84 ක මට්ටමේ ඉන්නවාද. මම අහන්නේ එච්චරයි. මම එක ප්‍රශ්නයයි අහන්නේ. ප්‍රාදේශිය සභා නගරසභා ඡන්දෙ තිබුණනම් මේ ආර්ථිකය ගොඩ එනවද?. අපිට හැම මාසෙම හැම සතියම හැම දවසම ඔනේඋනා. දැන් අපිට මිනිස්සු ප්‍රශංසා කරනවා. විපක්ෂය මොකක්ද කළේ . ගිහින් නඩු දැම්මා. 2022 ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නඩු දානන් තිබුනා ආර්ථිකය ආපහු යථාතත්වය ගේන්න කියලා. මගේ කිසිම කණගාටුවක් නැහැ මේක කල්දැම්ම එක ගැන. මේ රටේ ජනාධිපතිවරණයයි මහ මැතිවරණයයි කල්දාන්න බැහැ. ඒක ජනතාවගේ අයිතිවාසිකමක්. ඒ ඡන්ද අයිතියට මම ගරු කරනවා. ඒවගේම ජනතාවගේ ජීවත් වීමේ අයිතියටත් මම ගරු කරනවා. ඊලඟට පාර්ලිමේන්තු ඡන්දය , පළාත් සභා ඡන්ද, පළාත් පාලන ඡන්ද තියන්න තියෙනවා. ඉතිං අවුරුදු දෙකකින් රට යථාතත්වයට ගේන්න පුළුවන් වීම ගැන මමත් මගේ ඇමති මණ්ඩලයත් ආඩම්භරවෙනවා. යැයි ප්‍රකාශ කළේය.

Previous articleරට අනුරටවත් වෙන කාටවත් දෙන්න එපා! රට ඔයාලා තියාගෙන ඡන්දේ රනිල්ට දෙන්න – දුමින්ද
Next articleඅනුරගේ මාසික ආදායම රනිල්ගේ මාසික ආදායමට වඩා වැඩියි – අපේක්ෂකයින්ගේ මාසික ආදායම් වාර්තා මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here