Home අද විශාල ශබ්දයක් නැතිව ම නාමල් කැලණි යයි

විශාල ශබ්දයක් නැතිව ම නාමල් කැලණි යයි

511
0

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂ නාමල් රාජපක්ෂ මහතා කැලණිය රජමහා විහාරයට පැමිණ ආශිර්වාද ලබාගෙන තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ද කැලණි විහාරයේ නාගයකු මතුවීමෙන් විශාල කතාබහක් නිර්මාණය විය. කෙසේවෙතත් මෙවර වැඩි කකාබහක් නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා කැලණි විහාරය වෙත පැමිණ ඇති අතර එහිදී මාධ්‍ය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකර ඇත්තේ බොහොම කෙටි කාලයක් තිබෙන අතර ජයග්‍රහණය ස්ථීර බවය.
“තව බොහොම කෙටි කාලයයි අපිට තියෙන්නේ . ඒ කාලය තුළ ලංකාව පුරා ගිහින් ජනතාව අමතන්න බලාපොරොත්තු වෙනවා. අපිට ජයග්‍රහණය ස්ථීරයි. මාලිමාවට කවද්ද බලය යන්නේ. යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ විහාරස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබාගෙන තිබුණි.

Previous articleඅනුරටවත් මටවත් හොරු අල්ලා හිරේ දාන්න බෑ” – ලාල්කාන්ත
Next articleජනාධිපති වුනාම ජනාධිපති කාර්යාලය ‘ONE STOP SHOP’ එකක් කරනවා – සජිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here