Home අද ඉන්ධන ,ගෑස් ,විදුලිය ප්‍රශ්න දීලා ඉවරයි – “පුළුවන් ශ්‍රී ලංකා”...

ඉන්ධන ,ගෑස් ,විදුලිය ප්‍රශ්න දීලා ඉවරයි – “පුළුවන් ශ්‍රී ලංකා” රට බෙදන තැනක් නොව, තුන් සිංහලයම එකතුවෙන තැනක්

452
0

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැළි මාලාවේ සමාරම්භක ජන රැළිය, ඊයේ (17) දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී අති විශාල ජනතා සහභාගිත්වයකින් පැවැත්විණි.

May be an image of one or more people, newsroom, dais and text

“පුළුවන් ශ්‍රී ලංකා” මැතිවරණ ව්‍යාපාරය රට බෙදන තැනක් නොව, රට රැකීමට තුන් සිංහලය එකට එක්වන තැනක් බවත්, තම අපේක්ෂාව වනුයේ සියලුදෙනා එක් කර ගනිමින් රටේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනඟාදීම බව ජන රැළිය අමතමින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පැවසීය.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක අද වේදිකාවල ජනතාවගේ ජීවන බර ගැන කථා කිරීම විහිළුවට කරුණක් බවත්, ඔවුන් සැබෑ ලෙසම ජනතාවගේ දුක දන්නවා නම් එදා ආණ්ඩු බලය ගෙන ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදිය යුතුව තිබූ බවත් ගරු ජනාධිපතිතුමන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

රට සහ ජනතාව අමාරුවේ වැටී සිටි මොහොතේ අභියෝගය බාර නොගෙන පලා ගියේ මන්දැයි යන ප්‍රශ්නයට සජිත් සහ අනුර පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව කී ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙන්නට අසමත් නම් තම වේදිකාවට පැමිණ මගේ දෙපසින් දෙපසින් වාඩි වී සිටින්නැයි ඔවුන්ට පවසන බව ද බවද සඳහන් කළේය.

ඉන්ධන ,ගෑස් ,විදුලිය ප්‍රශ්න යන ප්‍රශ්නවලට තමා මේ වන විට සාර්ථකව පිළිතුරු ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා කීය.

අද කටින් වැඩ පෙන්වන නායකයන්ට එදා ජනතාවගේ දුක තේරුනා නම් ආණ්ඩු බලය ගෙන ඒ ප්‍රශ්න විසඳන්න තිබූ බව කී ජනාධිපතිවරයා තිබෙන ආණ්ඩුව ඉවත් වුනොත් එය බාරගන්නට විපක්ෂ නායකට මෙන්ම විපක්ෂයේ සෙසු නායකයන්ට යුතුකමක් තිබෙන බව සඳහන් කළේය.

රට ආර්ථික අතින් අන්තයටම අද වැටුණු මොහොතේ සජිත් අනුර ඇතුළු විපක්ෂයේ සෙසු නායකයන් සිටියේ කොහේද යන ප්‍රශ්නයට වහා පිළිතුරු දිය යුතුව ඇතැයි කී ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙන්නට බැරි නම් ඔවුන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති ජනපතිවරණ මංගල ජනරැළිය අමතමිනි.

අනුරාධපුරයට ඇදහැලුණු මහ වැසි නොතකමින් ජනතාව සංගාදු පිටියට ඒකරාශී වී සිටිනු දැක ගත හැකි විය.

May be an image of one or more people

May be an image of 1 person and crowd

May be an image of one or more people and crowd

හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා එක්වීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු බොහෝ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මෙම ජනරැළියට සහභාගී වූහ.

May be an image of 4 people, speaker, television, newsroom, dais and text

Previous articleමම ජනාධිපති වුනාම ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කරනවා – අනුර
Next articleගෝඨාභය පැනලා ගිය වෙලාවේ රට බාර ගන්න කීවත් සජිත් මග හැරියා – SF

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here