Home අද ජනපති සටන අරඹමින් “පුළුවන් ශ්‍රී ලංකා” අනුරාධපුර රැලියට ජනපති පැමිණෙයි

ජනපති සටන අරඹමින් “පුළුවන් ශ්‍රී ලංකා” අනුරාධපුර රැලියට ජනපති පැමිණෙයි

921
0

මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන පළමු ජන රැලිය අද (17) පස්වරුවේ අනුරාධපුර සල්දාදු ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රැසකින් සහාය දක්වන මැතිඇමතිවරුන් රැසක් එක්ව තිබෙනවා.

අනුරාධපුරයට ඇදහැලෙන මහා වැසි නොතකා සල්ගාදු පිටියේ ඇති විශාලජනතාවක් ඒකරාශී වී තිබෙනු දක්නට ලැබෙනවා.

“පුළුවන් ශ්‍රී ලංකා” තේමාව කරගනිමින් පවත්වනු ලබන අනුරාධපුර ප්‍රධාන රැලියට මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අතර ජනතාවගේ ඇති මහත් ප්‍රසාදයක් ජනාධිපතිවරයා කෙරෙහි ඇති බව දක්නට ලැබුනා.

Previous articleජයශ්‍රී මහා බෝධිය අභියස ජනපතිට ලැබුන ආශීර්වාදය
Next articleසජිත් අනුර මේවට උත්තර දියාපියෝ … ජනපති වමේ භාෂාවෙන් ඇමතූ හැටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here