Home අද ජයශ්‍රී මහා බෝධිය අභියස ජනපතිට ලැබුන ආශීර්වාදය

ජයශ්‍රී මහා බෝධිය අභියස ජනපතිට ලැබුන ආශීර්වාදය

880
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරය වෙත පැමිණ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

May be an image of 1 person, tree and temple

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද කර ඇත.

May be an image of 2 people, temple and text

May be an image of 6 people, temple and text

ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේ සහ මහා විහාර පරිශ්රය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිදුකර තිබෙන මෙහෙවර ප්රශංසනීය බව අනුරාධපුර ඓතිහාසික ලංකාරාම විහාරාධිපති පූජ්ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඓතිහාසික අනුරාධපුර ජය ශ්රී මහාබෝධි පරිශ්රයේ සන්නිපාත ශාලාවේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (17) පැවැති මහා සංඝගත දක්ෂිණාවට පෙර විශේෂ අනුශාසනාවක් සිදු කරමිනි.
ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් ආරම්භ කරන කටයුතු කිසිදා අසාර්ථක නොවන බවද ලංකාරාම විහාරාධිපති හිමියන් මෙහිදී සඳහන් කළහ.
මෙහිදී පූජ්ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ
රනිල් වික්රමසිංහ මහතා 2001 වසරේ අගමැතිවරයාව සිටියදී ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ දෙවන රන් වැට ඉදිකිරීම සඳහා මහා සංඝරත්නය විසින් ඉල්ලීමක් කළා. එවකට මෙම දෙවන රටවැට පැවතුනේ සුදු යකඩ වැටක් ලෙසයි. එම ඉල්ලීම් පිළිගත් රනිල් වික්රමසිංහ මහතා එම කටයුතු සොයා බලා ඉටු කිරීම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ.එච්.ජේ. විජේදාස මහතාව පත් කළා.
ඒ අනුව ජය ශ්රී මහා බෝධින් වහන්සේගේ දෙවන රන් වැට ඉදිකිරීම පිළිබඳව එතුමා සමඟ මහා සංඝරත්නය ලෙස අප සාකච්ඡා කළා. අනතුරුව රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි 2002 වසරේදී ජය ශ්රී මහා බෝධි සංවර්ධන අරමුදල පිහිටවනු ලැබුවා. එහි මූලික සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කළා. විවිධ දානපතින් ද ඊට සහභාගි කරවාගත් අතර සියලුදෙනා වෙනුවෙන් එහිදි තේ පැන් සංග්රහයක් ද ලබා දුන්නා. ඉන් පැය කිහිපයක් තුළදී රුපියල් කෝටියකට අධික මුදලක් අරමුදලට එකතු වුණා.
වසරක් වැනි කෙටි කාලයක් තුළ දෙවන රන් වැටේ ඉදිකිරීම් කටයුතු අවසන් කර 2003 වසරේදි එවකට අග්රාමාතවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා මේ දෙවන රන් වැට විවෘත කිරීමට පැමිණියා. එම පින්කම් සිහිපත් කරමින් ඔබතුමා අද පැමිණි කාර්යය බලාපොරොත්තුව ඉටු වන ලෙස කල්පනා කරගන්න. මේ භූමියේදී රජවරු දෙසිය ගණනකට අධික ප්රමාණයක් ඔටුනු පළඳවා තිබෙනවා.
ඔබතුමා මල්වතු මහා විහාරය පිළිබඳ කතා කරනවා. ශ්රී ලංකාවේ සම්බුද්ධ ශාසනය ආරම්භ වුණේ මල්වතු විහාරය ආශ්රිතවයි. මල්වතු විහාරය ආශ්රිත ප්රතිසංස්කරණය කිරීම සඳහා ඔබතුමා ලබාදෙන දායකත්වය ඉතාම ප්රශංසනීයයි. ඔබතුමා බෞද්ධ ඉතිහාසය සුරක්ෂිත කිරීමට කළ මෙහෙවර ඔබතුමාගේ සාර්ථකත්වයට හේතු වනු නිසැකයි.
Previous articleසජිත්ව දිනවලා ඉන්දියාවටත් ගේම දෙනවා – සුජීව සේමසිංහ
Next articleජනපති සටන අරඹමින් “පුළුවන් ශ්‍රී ලංකා” අනුරාධපුර රැලියට ජනපති පැමිණෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here