ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය සංශෝධන සහිතව අද (01) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත විය.
අද පෙ.ව 9.30 සිට ප.ව 7.30 දක්වා මෙම යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී මීට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 62 ක් හිමිවිය.
එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව සම්මතවූ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව අද දින පෙ.ව 9.30 ට රැස්වු අතර රාත්‍රී 7.30 දක්වා ක්‍රියාත්මක විය.