Home අද මහින්ද ට නිල නිවස අනුමත කළ කමිටුවේ හිටියේ විපක්ෂයේ අනුර – දැන්...

මහින්ද ට නිල නිවස අනුමත කළ කමිටුවේ හිටියේ විපක්ෂයේ අනුර – දැන් ඉන්නේ ජනාධිපති අනුර – වසන්ත

157
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විජේරාම නිල නිවස ලබා දෙන කමිටුවේ සිටියේ ජනාධිපති අනුර දිසානායක නොවන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

යහපාලන ආණ්ඩුව විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විජේරාම නිල නිවස වෙන් කරන කමිටුවේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ද සිටි බවට කරන ප්‍රකාශවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

“එදා අනුර දිසානායක ජනාධිපතිත් නෙමෙයි, ඕවා කියන්නේ සමාජ මාධ්‍ය නෙ. හැබැයි මේ අනුර කියන්නේ ජනාධිපති අනුර කී කතාව. මේ අනුර කියන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයා හදපු ආණ්ඩුව කියපු කතාව.

ඒ කතාවේ දී ඉතාම පැහැදිලි ජනවරමක් දීලා තියෙනවා. අනුර දිසානායක ජනාධිපතිවරයා රටට කිව්වා, අපි ආණ්ඩුව රටට කීවා. ඒ අනුව ජනතාවගෙන් නඩත්තු කරන එක අපි නවත්තනවා. දරුවෝ බලා ගන්නේ නැත්නම් දෙමාපියෝ, මේ රටේ වැඩිහිටි ජනතාව බලා ගන්නවා වගේ ම ඒ අයටත් ඉන්න ගෙයක් දෙනවා.”

Previous articleසාමාජික සංයුතිය 31යි – විපක්ෂයට 7යි : විපක්ෂය නැතුව වැඩ කරන්න කෝප් කමිටුවේ සූදානමක් !
Next articleමහින්ද වගේ අනුරත් දරුවන් වඩාගන්නේ, බදාගන්නේ මාලිමා ඡන්ද පදනම ඉතාම තාවකාලික නිසා එය රඳවාගන්නයි – ආචාර්ය නිර්මාල් දේවසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here