Site icon Newshub

මහින්ද ට නිල නිවස අනුමත කළ කමිටුවේ හිටියේ විපක්ෂයේ අනුර – දැන් ඉන්නේ ජනාධිපති අනුර – වසන්ත

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විජේරාම නිල නිවස ලබා දෙන කමිටුවේ සිටියේ ජනාධිපති අනුර දිසානායක නොවන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

යහපාලන ආණ්ඩුව විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විජේරාම නිල නිවස වෙන් කරන කමිටුවේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ද සිටි බවට කරන ප්‍රකාශවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

“එදා අනුර දිසානායක ජනාධිපතිත් නෙමෙයි, ඕවා කියන්නේ සමාජ මාධ්‍ය නෙ. හැබැයි මේ අනුර කියන්නේ ජනාධිපති අනුර කී කතාව. මේ අනුර කියන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයා හදපු ආණ්ඩුව කියපු කතාව.

ඒ කතාවේ දී ඉතාම පැහැදිලි ජනවරමක් දීලා තියෙනවා. අනුර දිසානායක ජනාධිපතිවරයා රටට කිව්වා, අපි ආණ්ඩුව රටට කීවා. ඒ අනුව ජනතාවගෙන් නඩත්තු කරන එක අපි නවත්තනවා. දරුවෝ බලා ගන්නේ නැත්නම් දෙමාපියෝ, මේ රටේ වැඩිහිටි ජනතාව බලා ගන්නවා වගේ ම ඒ අයටත් ඉන්න ගෙයක් දෙනවා.”

Exit mobile version