Home අද එක්ව ජයග්‍රහණ ළඟා කර ගැනීමට කැපවිය යුතුයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ!

එක්ව ජයග්‍රහණ ළඟා කර ගැනීමට කැපවිය යුතුයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ!

21
0

පක්ෂ නායකත්වයන් ගැන නොසිතා, රට ගැන සිතා, රට ගොඩ ගැනීම සඳහා සියලු පාර්ශව එක්ව ක්‍රියා කිරීමට කාලය එළඹ ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වෙන්ම ගොස් ජයග්‍රහණ අත්පත් කරගත නොහැකි බවත්, එක්ව වැඩ කළොත් ජයග්‍රහණ ළඟා කරගත හැකි බවත්, පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා, රටත් ජනතාවත් මුහුණපා ඇති මේ අර්බුදකාරී අවස්ථාවේ පක්ෂ නායකත්ව ගැන තවදුරටත් නොසිතා එක්ව ජයග්‍රහණ ළඟා කර ගැනීමට කැපවිය යුතු බව අවධාරණය කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද ( 12) කොළඹ මල් පාරේ පිහිටි ඒ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවැති කඩුවෙල පළාත් පාලන ආයතනවල සමගි ජන බලවේගයේ හිටපු මහජන නියෝජිතයින් හා ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවට සහභාගි වූ පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයින් සහ ක්‍රියාකාරීන්ගේ එකම ඉල්ලීම බවට පත්ව තිබුණේ එළඹෙන පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව තරග කළ යුතු බවය.

පක්ෂ නායකත්වය හෝ වෙනත් තනතුරු තාන්න මාන්න ගැන කල්පනා කරනවාට වඩා අද කළ යුතුව ඇත්තේ සියලු පාර්ශව එක්ව ජයග්‍රහණය කරා ගමන් කරන්නේ කෙසේද යන්න සිතා බැලීම බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

1991 වසරේදී දෝශාභියෝගය එල්ල වූ අවස්ථාවේ පක්ෂ නායකත්වයත් පක්ෂයත් ආරක්ෂා කර ගැනීමට තමන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළේය

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරාල, සභාපති වජිර අබේවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.

Previous article2024 රාජ්‍ය කලමණාකරන සේවා තරඟ විභාග සමස්ථ ලකුණු 100-115 ලබාගත් අපේක්ෂකයින්ට අසාධාරණයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here