Home අද විපක්ෂය COPE වර්ජනය කරයි

විපක්ෂය COPE වර්ජනය කරයි

13
0

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් ) වර්ජනය කිරීමටට විපක්‍ෂය තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කමිට්ටු සඳහා සාමාජිකයන් පත් කිරීමේ දී එහි සම්ප්‍රදාය වනුයේ ආණ්ඩුව විපක්‍ෂය සමග සාකච්ඡාකර එම පත්කිරීම් සිදුකිරීම වුවත් මෙවර ආණ්ඩුව අත්තනෝමතිකව එම තනතුරු සඳහා පුද්ගලයින් නම්කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.

කෝප් කමිටුව ඇතුළු අනෙකුත් කමිටු සඳහා සාමාජිකයන් පත් කිරීමේ දී විපක්ෂයේ ද සහයෝගය ඇතිව එම කටයුතු සිදු කරන බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළ ද කෝප් සභාපති ධුරය එවැනි සාකච්ඡාවකින් තොරව ආණ්ඩුව විසින් පත්කරගෙන ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මේ තත්ත්වය මත පාර්ලිමේන්තුවේ අනෙකුත් කමිටු රැස්වීම් සඳහා සහභාගී නොවීමට විපක්ෂය තීරණය කළ බව අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleකතානායක විසින් පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික අතවර කල බවට චෝදනා ලැබූ තිදෙනෙක් සේවයෙන් ඉවත් කරයි
Next articleදුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් ජාතික රෝහලට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here