පාර්ලිමේන්තුවේ රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තුවේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනෙකු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සේවයෙන් ඉවත් කර ඇත.
පාර්ලිමේන්තුවේ ගෘහපාලක දෙපාර්තමේන්තුවේ රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධව සොයා බැලීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ම පත්කරනුු ලැබීය.
එල්ල වී ඇති චෝදනා සම්බන්ධව පාර්ලිමේන්තුවේ ගෘහ පාලක දෙපාර්තමේන්තුවේ රූමත් කාන්තාවන් පහළොස් දෙනකුගෙන් අදාළ කමිටුව ප්‍රකාශ සටහන් කර ගත් අතර ඒ අනුව එම කමිටුවේ නිර්දේශ පසුගිය දා පාර්ලිමේන්තුවේ මහල් ලේකම් හරහා කථානායකවරයා වෙත භාර දෙනු ලැබීය.
කමිටිවේ නිර්දේශ පුළුල් ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ගෘහපාලක දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු සේවයෙන් ඉවත්කර ඇත.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිමර් රහුමාන් මහතා පසුගිය හත් වෙනිදා පාර්ලිමේන්තුවේදී හෙළිකළ පරිදි පාර්ලිමේන්තු තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුව ඇති බව කියන විවිධ අඩත්තෙට්ටම් හා ලිංගික අපචාර සම්බන්ධයෙන්ද මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ වී ඇත