Home අද රජයේ රැකියාලාභීන්ට වැටුප් වැඩිකිරීමක් – නව භාණ්ඩ සඳහා 20% ක වට්ටමක්!

රජයේ රැකියාලාභීන්ට වැටුප් වැඩිකිරීමක් – නව භාණ්ඩ සඳහා 20% ක වට්ටමක්!

15
0

චීනය තම ආර්ථිකය නංවාලීමට උත්සාහ කිරීමක් ලෙස නව භාණ්ඩ සඳහා 20%ක් දක්වා වට්ටමක් හඳුන්වාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගියදා චීනයේ රජයේ රැකියා ලාභීන්ට ද වැටුප් වැඩිකිරීමක් ලබාදී තිබෙන අතර ඒ චීන වැසියන්ගේ ක්‍රය ශක්තිය වැඩිකිරීමේ අරමුණිනි.

එමෙන්ම, චීන රජය විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉදිරිපබත් කර ඇති නව වෙළෙඳ යෝජනාවට අනුව 20% ක වට්ටමක් ලබාදෙමින් නව භාණ්ඩ හා නිෂ්පාදන ලැයිස්තුවක් ද හඳුන්වාදීමට කටයුතු කර තිබෙන අතර එම ලැයිස්තුවට මයික්‍රොවේව් උදුන්, පිගන් සෝදන යන්ත්‍ර, රයිස් කුකර්, ජල පිරිපහදු යන්ත්‍ර, රූපවාහිනී , දුරකතන , ටැබ් සහ ස්මාර්ට් ඔරලෝසු මෙන්ම විදුලි සහ සාමාන්‍ය වාහන ද අයත් බව සඳහන් වේ.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය දුර්වල පාරිභෝගික ඉල්ලුමක් සහ ගැඹුරු දේපොල අර්බුදයක් ඇතුලු අභියෝග රැසකට මුහුණදෙමින් සිටින බවද වාර්තා වේ.

Previous articleඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීනුවන් 46,000 ක් ජීවිතක්ෂයට
Next articleචම්පිකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here