Home අද සිංහ – කැන්ගරු සටනේ කැන්ගරු බලඇණිය නම් කෙරේ!

සිංහ – කැන්ගරු සටනේ කැන්ගරු බලඇණිය නම් කෙරේ!

31
0

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සමඟ මෙම මස අගදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට පත්කර තිබේ.

ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම්කර ඇත. ඔස්ට්‍රේලියානු නිත්‍ය නායක පැට් කමින්ස් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, ඔහු සිය දෙවන දරුවාගේ
උපත වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව සිටියි.

මෙම සංචිතයට නව ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කැඳවා තිබීම විශේෂත්වයක් වන අතර ඉන් කූපර් කොනොලි මේ දක්වා කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩාකර නොමැත. එමෙන්ම නේතන් මැක්ස්වීනි, සෑම් කොන්ස්ටාස් , මැට් කුහ්නමන් සහ බියු වෙබ්ස්ටර් තිදෙනාම මේ දක්වා ටෙස්ට් තරග 3කට වඩා ක්‍රීඩාකර නොමැත‍.

ICC ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලියේ පළමු තරගය මේ මස 29වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර දෙවන හා අවසන් තරගය ද ගාල්ල ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු සංචිතය – ස්ටීවන් ස්මිත්, ෂෝන් ඇබට්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි, කූපර් කොනොලි, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් කවාජා, සෑම් කොන්ස්ටාස්, මැට් කුහ්නමන්, මාන්ස් ලැබුෂේන්, නේතන් ලියොන්, නේතන් මැක්ස්වීනි, ටොඩ් මර්ෆි, මිචෙල් ස්ටාර්ක්, බියු වෙබ්ස්ටර්

Previous articleසමාරම්භක උළෙලේ ලක්ෂ 70ක් වියදමට ටෙන්ඩර් දාලා නෑ – චාමර ක්ලීන් ශ්‍රී ලංකා සුද්දම කරයි
Next articleඩයස්පෝරාවේ මැදිහත්වීමෙන් බස් රථ දහසක් ඉදිරියේදී මෙරට මාර්ගවල ධාවනයට – ගැමුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here