Home අද ලියාපදිංචි කර නොමැති සන්නිවේදන උපකරණ සඳහා තහනමක්

ලියාපදිංචි කර නොමැති සන්නිවේදන උපකරණ සඳහා තහනමක්

28
0

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කළේ, සන්නිවේදන උපකරණ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නතර කිරීම මෙහි අරමුණ බවයි.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙම මස අවසානය වන විට හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ. කෙසේවෙතත් දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙල මඟින් බාධාවක් සිදුනොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Previous articleදකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹදී පැවැත්වේ
Next articleපුද්ගලික අංශයට සහල් ආනයනයට ලබා දී තිබූ කාලය හෙටින් අවසන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here