Home අද ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට, නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්!

ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට, නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්!

27
0

 

2024 මහ මැතිවරණයෙහි ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් අද (8) මේ බව සඳහන් කර සිටියේය.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ආදායම් වියදම් වාර්තා මෙතෙක් භාර නොදුන් අපේක්ෂකයින් 1,042 කගේ සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සම්බන්ධයෙන් වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පති වෙත යොමු කරනු ලැබ ඇති බවයි.

එම වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන්හි කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ මගින් නියෝජ්‍ය පොලිස්පති නීතිඥවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත.

2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව මැතිවරණයක ප්‍රතිඵල නිකුත් කර දින 21ක් ඇතුළත පිළිගත් දේශපාලන පක්ෂයේ / ස්වාධීන කණ්ඩායමේ හෝ අපේක්ෂකයාගේ ආදායම් හා වියදම් සම්බන්ධව වාර්තා මැතිවරණ කොට්ඨාසයේ තේරීම් භාර නිලධාරීයා වෙත භාර දීම සිදු කළ යුතුය.

Previous articleදුම්රිය ස්ථානාධිපතිවරු රතු එළි දල්වති
Next articleඅහුංගල්ලේ වෙඩිතැබීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here