දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් පටිපාටිය අනුමත කිරීම සහ වසර පහෙන් පහට උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන්නේ යැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් ආර්.එම්.එස්.පී. ජයසුන්දර මහතා අද (8) ලිඛිතව දැනුම්දී තිබෙන බව වාර්තා වේ.
කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති මෙම කාර්ය දිගින් දිගටම ප්‍රමාද කිරීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරු දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඉදිරි දින 14 තුළ විසඳුමක් නොලැබුණ හොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.