Home අද අශෝක රංවලගේ පට්ටපල් බොරුව ගැන හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්.

අශෝක රංවලගේ පට්ටපල් බොරුව ගැන හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්.

919
0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටියානම් ජනවාරි මස 01 වැනිදා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමට නියමිතව තිබුන බව හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක මහතා පවසනවා.

වැඩකාරයන්ගේ බොරු නෑ : බොරුකාරයන්ගේ වැඩ නෑ බවත් සඳහන් කරමින් ඉකුත් දා පැවති මහ මැතිවරණ වේදිකාවේ ආචාර්ය ලෙස තමන්ව හඳුන්වා දුන් එහි අධ්‍යාපන සුදුසුකම් පෙන්වීමේ නොහැකියාව මත කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මේ බව සඳහන් කරනවා.

එම සටහන පහතින්

බොරු කීම ප්රජාතන්ත්රවාදී අයිතියක්ද ?

කාලෙකට පස්සේ හිටපු කතානායක අශෝක සපුමල් රන්වල මන්ත්රීතුමාගේ හඬ අහන්න ලැබුණි. එහිදී මන්ත්රීතුමා පවසා සිටියේ, “මාලිමාව ආණ්ඩුවට ලැබුණේ පතුලටම හිස් වූ භාණ්ඩාගාරයක් ” බවයි. එහිදී මගේ හිතට ආවේ, අශෝක රන්වල යමක් කීමට මුව විවර කරන විට පාලනයකින් තොරව ඉබේ බොරු කියවෙනවාද ? කියායි.
ඒ “මාලිමාව ආණ්ඩුවට ලැබුණේ පතුලටම හිස් වූ භාණ්ඩාගාරයක්” යන ප්රකාශයද බොරුවක් වන නිසයි. ජනාධිපති මාධ්ය අංශයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ලෙස වගකීම් දැරූ මට, එවකට ජනාධිපතිවරයා, මුදල් අමාත්යවරයා ද වශයෙන් කටයුතු කළ නිසා, “රන්වල මන්ත්රීගේ මේ බොරුව”ත් අනාවරණය කරන්නට සිදුව ඇත.
රනිල් බාරගත් රට කොහොමද?

2022 වන විට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණදී අඩියටම හිඳුණු ඩොලර් සංචිතයක් මෙන්ම රුපියල් ද අහිමි හිස්වූ භාණ්ඩාගාරයක් ලැබුණේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට ය.
අතීතය ඉක්මනින් අමතකවීම මෙරට ජාතික රෝගයක් බඳු නිසා , කෙටියෙන් වුවත් ඒ වගත් මඳක් පැහැදිලි කළ යුතුය. 2022 මෙරට සුක්කානම රනිල් වික්රමසිංහ භාරගන්නා විටත්, ජාත්යන්තර මූල්ය අරමුදල නිවේදනය කර තිබුණේ ශ්රී ලංකාවේ ණය තිරසරභාවය ගිලිහී ගොස් ඇති බවය. එය ණය මත යැපෙන අප වැනි රටකට අදාළව මාරාන්තික ප්රකාශයක් ය. ගෝලීය මූල්ය ආයතන අතුරින් ණය ගැනීමට ඇති අවසන් ආයතනය ලෙස සැළකෙන ජාත්යන්තර මූල්ය අරමුදල මෙරට සම්බන්ධව තිබූ තක්සේරු එවැනි නම් අනෙක් ආයතන ගැන කතා කරන්නත් දෙකක් තිබුණේ නැත. ඔවුන් මේ රටට ණය දීමට තියා හැරී බලන්නෙත් නැත. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ද එදා නිල වශයෙන් මෙරට බංකොලොත් භාවය පිළිගත්තේ ය.
ඒ වන විට ආර්ථික දර්ශක වල දැක්වුණේ , ලංකාවේ විදෙස් සංචිතය මුළුමනින්ම හිස් බවය. රටේ ජනතාවට ඩොලරය බැගින් බෙදීමටවත් විදෙස් ගිනුමේ ඩොලර් තිබුණේ නැත.උද්ධමනය 76%ක් වූ අතර, වැඩ රාජකාරි වෙත යාම වෙනුවට ජනතාව ගියේ ගෑස්, ඉන්ධන , කිරිපිටි පෝලිම් වලටය. ඒවායේ ද දවස් ගණන් ඉන්න සිදුවූයේ මුදල් ගෙවා හෝ මිලදී ගැනීමට භාණ්ඩ වෙළඳ පොළේ නොතිබූ නිසාය. රාජ්ය ණය දදළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස 126%ක් වී තිබිණ. රාජ්ය ආදායම ද.දේ.නි ප්රතිශතයක් ලෙස 8% ක් දක්වා අඩුවී තිබිණ. ඩොලරයට සාපේක්ෂව රුපියල 370ක් දක්වා අවප්රමාණය වී තිබිණ. 7.3% කින් ආර්ථිකය සංකෝචනයවී තිබිණ.
හිස්වූ භාණ්ඩාගාරය ලැබුණේ රනිල්ට!

එවකට භාණ්ඩාගාරය සිය ගිනුම් පවත්වාගෙන යන මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ගිනුම් දෙකට අදාළව රුපියල් බිලියන 800ඉක්මවූ බැංකු අයිරාවක් තිබිණ.
එසේම අවුරුදු දෙකකින් විශ්රාම පාරිතෝෂික නොගෙවීම නිසා රුපියල් බිලියන 80ක් පමණ ඒ සඳහා ද ගෙවීමට තිබිණ. එවකට භාණ්ඩාගාරය තිබුණේ රාජ්ය සේවක වැටුප් , සමෘද්ධිය හා සුබසාධක දීමනා, ඇතුළු විදුලි බිල්, ජල බිල් ඇතුළු මාසික ගෙවීම් පමණක් නොව, අත්යවශ්ය ඖෂධ ආනයනයට ඩොලර්වත් මිලදී ගැනීමට”රුපියල්” නොමැති පසුබිමකය.

රටක් ලෙස ආර්ථික සුසානයට යමින් තිබූ රට භාරගන්න එදා කවුරුත් සිටියේ නැත. එහිදී මිලියන 22ක ජනතාව ගේ ඉරණම රනිල් වික්රමසිංහ භාරගත් අතර අපේ සමහර මිතුරන් පවා කිව්වේ, ” රනිල් කරගැසූ මරාලයට උඹලත් අත ගැහුවේ ඇයි ? ” කියාය.
මන්ද ඒ වන විට IMF පමණක් නොව ලොකයේ ප්රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයන් පවා පුරෝකථනය කර තිබුණේ ලංකාව ඊළඟ ආර්ජින්ටිනාව වනු ඇතැයි කියාය. එසේම ග්රීසිය, වෙනිසියුලාව, ලිබියාව වැනි රටවල් වැටුණු තැනටත් වඩා දරුණු තත්ත්වයට ලංකාව ඇද වැටෙනු ඇති බවත්, මිලියන 22ක ජනතාව ගේ ඉරණම ගැන ශෝකවීම මිස විකල්පයක් ගැන සිතාගන්නට පවා නොහැකි බව කියවිණ.

මෙරට පවා පක්ෂ විපක්ෂ කවුරුත් නිහඬව වුවත් විශ්වාසය තැබූ එකම සාධකය වූයේ ” රනිල් මොකක් හරි කළොත් තමයි. වෙන කවුරුත් නෑ” කියාය. ඒ ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සාක්ෂි දරණු ඇත.

මහින්ද සිරිවර්ධන ගේ සාක්ෂිය!

ඒ අනුව ලෝකයම බෑ කියූ දේ “පුළුවන් “කියා බාරගත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ තමන්ගේම ක්රමයට IMF සමඟ සාකච්ඡා ඇරඹි අතර, එදා ඊට මාරාන්තික විරෝධයක් දැක්වූයේ ජාතික ජනබලවේගය ය. ඔවුන් ජනතාව උසිගන්වනු ලැබුවේ, IMF ගිහින් ගොඩගිය රටක් නෑ කියාය. IMF වැඩසටහන ට විකල්පයක් තමන් සතු බවටත් ඔවුන් එදා කීවත් එය අද ආණ්ඩු බලය ඇතිවිටත් ඉදිරිපත් කිරීමට අසමත් බව ඔප්පු කරන්නේ, ඒ කියූ “විකල්පයත් බොරුවක් ” බවය.

නමුත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය යන රාජ්ය ඇමතිවරුන් සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ , මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් ක්රමවත් සහ නිවැරදි දැක්මක් සහ වැඩපිළිවෙළක් තුළ මෙහෙයවමින් IMF සහාය ඇතිව රාජ්ය මූල්ය පද්ධතිය මෙන්ම රටේ ආර්ථිකය වැටුණු තැනින් නඟා සිටුවීමට ක්රියා කළේය.

ඒ තුළ බදු ආදායම් ඉලක්ක සපුරා ගනිමින් රාජ්ය ආදායම් ඉහළ නංවා ගැනීමට හැකිවූ අතර පසුගිය පාලනය විසින් නොගෙවා තිබූ දෙවසරක හිඟ විශ්රාමික පාරිතෝෂික මෙන්ම රජයේ ඉදිකිරීම් වෙනුවෙන් කොන්ත්රාත්කරුවන්ට ගෙවීමට තිබූ බිලියන ගණනක මුදල්ද ගෙවීමට කටයුතු කෙරිණ. තවද විශ්රාමික පාරිතෝෂිකය ද ක්ෂණිකව ගෙවිය හැකි තැනට කටයුතු විධිමත් කළ බවද මෙහිදී සඳහන් කළ යුතුය.
එසේම මහා භාණ්ඩාගාරය සිය ගිනුම් පවත්වාගෙන යන මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ගිනුම් දෙකට අදාළව රුපියල් බිලියන 800 ඉක්මවූ බැංකු අයිරාව අවසන් කිරීමට ද කටයුතු කෙරුණා පමණක් නොව එකී ගිනුම් දෙකෙහි රුපියල් බිලියන 200ක වැඩි අතිරික්ත මුදලක් පවත්වා ගෙන යාමට ද සමත් විය. එසේම මූල්ය වෙළඳ පොළේ රුපියල් බිලියන 375ක පමණ මුදලක් ආයෝජනය කිරීමට ද හැකියාව ලැබිණු අතර මාගේ දැනුවත්භාවය අනුව එවැන්නක් සිදුකළ හැකි තැනට රාජ්ය භාණ්ඩාගාරය විශ්වසනීයත්වයක් ගොඩනගා ගැනුණේ දශක ගණනාවකට පසුය.
ඒ අනුව 2024 සැප්තැම්බර් පරාජයට පසුව වත්මන් ආණ්ඩුවේ මුදල් අමාත්යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක ට ලැබුණේ රුපියල් බිලියන 600ක පමණ අතිරික්ත මූල්ය ශක්තියක් සහිතව ක්රියාත්මක වූ මහ භාණ්ඩාගාරයක් මිස හිස් වූ භාණ්ඩාගාරයක් නොවේය. දෛනිකව එක්වන බදු මුදල් රාජ්ය භාණ්ඩාගාරයට නොපැමිණියද රාජ්ය අංශයේ වැටුප් ගෙවීමට මාසිකව රුපියල් බිලියන 100ක්, අස්වැසුම සමාජ ආරක්ෂණ අරමුදල ඇතුළු වකුගඩු , වැඩිහිටි දීමනා, විශ්රාම වැටුප් සඳහා මාසිකව රුපියල් බිලියන 150ක් ආදී ලෙස රජයේ මූලික මාසික වියදම් මාස දෙක තුනක් වුවත් දැරිය හැකි තත්ත්වයකට ඒ වන විට භාණ්ඩාගාරය පත්කර තිබිණ.

එහිදී පැවති ආර්ථික දර්ශකද කෙටියෙන් හෝ සිහිපත් කළ යුතුව තිබෙන්නේ , මාලිමාවේ ඊනියා සුධීමතුන් බොරු ගොඩක් කියා එය වසං කරමින් සිටින නිසාය. රනිල් වැල් පාලමේ සීරුවෙන් ගෙනවිත් අනුරට දුන්නේ , උද්ධමනය 1.7%ක් වූ රටක් ය. ඩොලරයට සාපේක්ෂව රුපියල 300ට වැඩි නොවූ මට්ටමක කාලයක් තිස්සේ පවත්වාගෙන පැමිණි රටක් ය. විදෙස් සංචිතය ඩොලර් බිලියන 6 කට ආසන්නව ඔසවනු ලැබූ රටක් ය. රාජ්ය ආදායම ද.දේ නි. ප්රතිශතයක් ලෙස 11%ක් කළ රටක් ය. සෘන ලෙස පැවති ආර්ථික වර්ධන වේගය ධන 5.2%ක් කළ රටක් ය.

එබැවින් මාලිමාව ආණ්ඩුවට ලැබුණේ හිස් භාණ්ඩාගාරයක් බව පැවසීම ජනතාව මුලාවේ දමන සහගහන අසත්යයක් බව කිව යුතුය. ඊට මුදල් අමාත්යාංශයේ ලේකම් ධූරය දැරූ, අදටත් එකී රාජකාරියේ නිරත මහින්ද සිරිවර්ධන සාක්ෂි දරණු ඇත. මා මෙහි ආසන්න අගයට දක්වන දත්ත වෙනුවට නිශ්චිත දත්ත දැක්වීමට ද එතුමාට හැකියාව ඇත.

එපමණක් නොව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් රාජ්ය ආදායම් ඉහළ නැංවීම වෙනුවෙන් ගනුලැබූ වැඩපිළිවෙළ කොතරම් සාර්ථක ද යන්න 2024 රාජ්ය ආදායම් දත්ත තහවුරු කරමින් තිබේ.
රජයේ ප්රධාන ආදායම් මූලාශ්ර වන ශ්රී ලංකා රේගුවෙන් 2024 දී ඇස්තමේන්තු ගත ආදායම රුපියල් බිලියන 1533ක් (ට්රිලියන 1.533)වූ අතර 2024 අවසානයේ රේගු ඉතිහාසයේ වැඩිම ආදායම උපයමින් රුපියල් බිලියන 1515ක් පමණ ආදායමක් ලබා තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම 2024 වෙනුවෙන් රුපියල් බිලියන 232ක් ලෙස ඇස්තමේන්තුගත කෙරුණු අතර 2024 නොවැම්බර් 30 වන විට එහි ආදායම ද රුපියල් බිලියන 200 ඉක්මවීය. එයද සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලත් වැඩිම ආදායම බව පැවසිය යුතුය.
එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2024 වසරේ මාස අටක කාලය තුළදී දෙපාර්තමේන්තුව 2024 අගෝස්තු දක්වා උපයා තිබෙන සම්පූර්ණ බදු ආදායම රුපියල් මිලියන 1,229,245ක් බව එහි කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්රසේකර සාක්ෂි දරයි. ඔවුන්ගේ ම දත්ත අනුව, සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද රුපියල් මිලියන 624,439 ක්, එකතු කළ අගය මත බද්ද රුපියල් මිලියන 468,863 ක්, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද රුපියල් මිලියන 122,917 ක්, කොටස් ගනුදෙනු බද්ද රුපියල් මිලියන 1,453 ක්, වෙනත් බදු වර්ගවලින් රුපියල් මිලියන 219ක්ද උපයාගෙන ඇත. එය (2023) පළමු මාස අටක කාලය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපයා තිබෙන බදු ආදායමට සාපේක්ෂව සියයට 28.5 %ක වර්ධනයකි.
2022 වසර වන විට හොම්බ බිම ඇනී හාරාගෙන ගොස් තිබූ මෙරට ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තු 3 තුළ 5.2%ක ආර්ථික වර්ධනයක් ද අත්කර ගත්තේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ගේ වැඩපිළිවෙළ තුළ මිස වෙනත් ප්රාතිහාර්යයක් නොවන බවත් යළි යළිත් සිහිපත් කරදිය යුතුය. 2024 අවසන් වන විට එය 5%ක වර්ධනයක් සටහන් කරන බව ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කර ඇති බවද සිහිපත් කළ යුතුය. ඒ තුළ අවධාරණය කළ යුතුව තිබෙන්නේ අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කිරීමත්, ඊට අදාළ තීන්දු තීරණ නිවැරදිව ගනුලැබූ නිසාත්, රටේ ආර්ථිකය පෞද්ගලික දේශපාලන අභිලාෂයට පසුපසින් තැබූ නිසාත්, සෘන ආර්ථිකය වසර දෙකක් ඉක්ම යන තැන ධන 5ක් බවට පත්කිරීමට හැකිවූ බවයි.

මේ ආකාරයට ආර්ථිකය ගොඩනගන විට ජාතික ජනබලවේගය විපක්ෂයේ සිට කළේ දන්නා කියන සියලු පද කස්තිරම් නටමින් එය කඩාකප්පල් කිරීමට ප්රයත්න දැරීමය. දේශීය ණය ප්රතිව්යුහගතකරණය අවස්ථාවේ වසන්ත සමරසිංහ ලා මාධ්ය හමු තබමින් රටේ බැංකු පද්ධතිය මුළුමනින්ම අනතුරේ හෙළුවේ , ආණ්ඩුවේ වැඩ නිසා EPF, ETF වැනි මහජන මූල්ය සංචිත පමණක් නොව රාජ්ය හා පෞද්ගලික බැංකු පවා අවධානමේ කියාය. එහිදී ජනතාව ක්ෂණිකව බැංකු ගිනුම් වල මුදල් ඉවත්කර ගත්තා නම් විය හැකි හානිය කෙසේද ? එසේනම් අද අනුරට ජනාධිපති වෙන්නවත් රටක් ඉතුරු වන්නේ නැත. ඉතිහාසයේ සරදම වන්නේ, අද මෙන්ම එදාත් වසන්තලාගේ බොරු වලට නොරැවටෙන ලෙසත්, බැංකු සුරක්ෂිත බවත් තහවුරු කිරීමට එදා අපිට රාජකාරියට පරිභාහිරව කැම්පේන් කරන්න සිදුවීමය.
කොහොම නමුත් වත්මන් ජනපති අනුර කුමාර දිසානායක ද දේශීය ණය ප්රතිව්යුහගතකරණයට අදාළ කිසිදු වෙනසක් සිදුකර නොමැත. ඒ වගේම වසන්තලා අනතුරේ කියූ මහජන මුදල් සංචිත අධික ලාභ වාර්තා කර, වසන්තලා බොරුකාරයන් බවත්, අපි නිවැරදි බවත් තහවුරු කර ඇත. එසේම ණය තිරසාර විශ්ලේෂණය ට (DSA) පවා විකල්ප ගෙනෙන බවට ප්රතිපත්ති ප්රකාශයේ පවා පොරොන්දු වූ ජනාධිපති අනුර කුමාර දිසානායක එහි අවධානම තේරුම් ගෙන ඇත. ඒ අනුව ඔහු ණය ප්රතිව්යුහගතකරණයේ සිට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ගේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවක් දැනට පෙන්නුම් කර ඇත. ඒ ගැන ඔහුට ස්තූති කළ යුතු ය. (ඒ ස්තූතිය පවා ජනාධිපති අනුර කොපමණ කාලයක් රැකගනීද යන්න සැක සහිත බවද මෙහිදී සඳහන් කළ යුතුය.)

සීයා හිටියා නම් ජනවාරි 01 වනදා රාජ්ය අංශයේ වැටුපත් වැඩි වෙනවා!

ඒ කෙසේ වුවත් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට හිටපු ජනාධිපති රනිල්ට ජනවරම ලැබුණේ නම්, උදය ආර්. සෙනවිරත්න කමිටුවේ නිර්දේශ මත 2025 වසරේ ජනවාරි 01 වනදා කියන්නේ රාජ්ය අංශයේ වැටුප් ද ඉහළ දැමෙන අවස්ථාවය. එහිදී රාජ් සේවයේ මූලික වැටුප, පහළම ශ්රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු සම්පාදනය කර තිබිණ. ඒ අනූව 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00ක් සමඟ රාජ්ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 55,000ක් වීමට නියමිත වූ අතර ඊට සාපේක්ෂව අනෙක් නිලධාරීන් ගේ ද වැටුප් ඉහළ යන්නේය.

එසේම විශ්රාමිකයන් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 12,500 ක් ලෙස ජීවන වියදම් දීමනාව ද ඉහළ නංවා තිබිණ. එපමණක් නොව 2016-2020 විශ්රාමලත් රාජ්ය සේවකයන් ගේ විශ්රාම වැටුප් විෂමතා නිවැරදි කිරීමට ද සියල්ල සැලසුම් කර තිබිණ. එසේම 2016 ට පෙර විශ්රාම ලැබූවන් අඩු විශ්රාම වැටුපකට හිමිකම් කියන බැවින් ඒ සඳහා ද ක්රියාමාර්ග ගැනීමට සියල්ල සැලසුම් කර තිබිණ.

වැඩකාරයන්ගේ බොරු නෑ: බොරුකාරයන්ගේ වැඩ නෑ!

ඒ අනුව නොදන්නා කම හෝ නොමඟ යැවීමක් මත හෝ දැනුවත්ව බොරුකීම මත, රන්වල ජනතාව මුලා කරන බව ඉතාම පැහැදිලිය.
තමන් ජපානයේ වසේදා විශ්ව විද්යාලයෙන් ආචාර්ය උපාධිය සහ මොරටුව විශ්ව විද්යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බව පවසා, ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඔප්පු කිරීමට නොහැකිව අන්ත අසරණව සිටින මන්ත්රීතුමාව මේ කාරණත් පදනම් කරගෙන යළිත් මැඩවීමේ අදහසක් මට නැත. කවුරුත් හීනමානයට කරන දේවල් වලට එල්ලී පහරදීමේ පිළිවෙතක් මට නැත.

නමුත් රන්වල මෙන්ම ඔහු නියෝජනය කරන කඳවුරට කීමට ඇත්තේ, බොරුවෙන් ලබාගත් ජනවරම බොරුවෙන්ම නඩත්තු කරගෙන යාමේ ශුද්ධ වූ අයිතියක් ගැන විශ්වාසයක් ඔබට තිබෙනවා වුවත්, ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට හසුවූ මගේ මව්බිම, ලොවක් පුදුම කරමින් එම ශාපලත් තත්ත්වයෙන් මුදවාගෙන දෙපයින් සිටවීමේ ඒ ඓතිහාසික කර්තව්යය ගැන නම් ඔබේ බොරු නිරාවරණය කිරීමේ ශුද්ධ වූ අයිතියක් අපට ඇති බවය. කලකට ඉහත දී අනුර කුමාර සහෝදරයාට මහ බැංකු අධිපති හා මුදල් අමාත්යංශ ලේකම් පෙනුනේ ආර්ථික ඝාතකයින් සහ ආර්ථික ත්රස්තවාදීන් ලෙසය. පසුගිය ජනවාරි පළමු වනදා ජනාධිපති හා මුදල් ඇමති අනුර කුමාර සහෝදරයා (අරුණ කුමාර නෙමෙයි හරිද) ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කලේ ඔවුන් ආර්ථික ත්රස්තවාදීන් නොවන බවටත් මෙරට ආර්ථිකය ගොඩ නැගීමට කැපවූ ප්රධානතම නිලධාරීන් දෙදෙනෙකු ලෙස ගෞරවයට ලක් කරමිනි. එයම වටහා ගත්තා නම් ප්රමාණවත්ය.

ඇත්ත බොරුව කිරීම ප්රජාතන්ත්රවාදී අයිතියක් ලෙස ඔබලා විශ්වාස කළත් අපේ විශ්වාසය ඇත්ත බොරුව කිරීම නරුමකමක් මිස අයිතියක් නොවන බවය. එබැවින් අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ, තවදුරටත් බොරු කියමින් ඔය රැවවීමෙන් ලද ජනවරමට නිගා නොදී, කියපු විදිහට වැඩේ කර පෙන්වන ලෙසය.

ධනුෂ්ක රාමනායක
2025.01.04 දින
Previous articleඅනියත බියක් ඇති කර ගන්න එපා – වෛරස උණ ගැන චීන රජයෙන් දැනුම්දීමක්
Next articleලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩි වුනත් ලිට්‍රෝ මිලේ වැඩි වීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here