Home අද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 70 ක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 70 ක් මරුට

28
0

පසුගිය පැය 24 තුළදී පමණක් ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 70ක අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ නුසෙයිරත් සරණාගත කඳවුරට එල්ලවූ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූබව අල්ජසීරා පුවත් සේවය සඳහන් කරන අතර පසුගිය පැය 24 තුළදී ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර 34ක් එල්ලකර ඇති බව හමාස් සංවිධානය නිවේදනය කරයි.

සාමාන්‍ය වැසියන්ට ඉවත් වී යන ලෙස දැනුම් දී ඇති ප්‍රදේශයන් ඉලක්ක කර ගනිමින් ද ඊශ්‍රායලය අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරන බවත්, ගාසා තීරයේ රෝහල් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන් වහා අත්හිටුවන ලෙස ජගත් සංවිධානය පසුගියදා ඊශ්‍රායලයට දැනුම් දී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 45,581 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව එක් ලක්ෂ දහ දහසකට ආසන්න බවද වාර්තා වේ.

Previous articleසිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන්න – බන්ධනාගාර නිලධාරීන්ට නියෝග
Next articleඉන්ධන වලින් කොමිස් ගන්නවා කියලා කවුද කිව්වේ ? – අපි එහෙම කිව්වේ නෑ – වසන්ත සමරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here