Home අද සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන්න – බන්ධනාගාර නිලධාරීන්ට නියෝග

සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන්න – බන්ධනාගාර නිලධාරීන්ට නියෝග

43
0

දිගු යකඩ දම්වැලක මාංචු දමා සැකකරුවන් එක පෙළට අධිකරණ ශාලාවට ඉදිරිපත්  කිරීම සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන බන්ධනාගාර නිලධාරීන් දැඩිසේ දොස් පවරා තිබෙන බව වාර්තා වේ.

“සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන වදන සිහිපත් කරමින් මහේස්ත්‍රාත්වරයා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින් මහේස්ත්‍රාත්වරයාගෙන් විවෘත අධිකරණයේදී සමාව අයැද තිබේ.

අධිකරණය නිවාඩු කාලයක් බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නමයක නඩු සියල්ල අංක 03 අධිකරණයේ කැඳවූ අතර, රිමාන්ඩ් දීර්ඝය සඳහා ඉදිරිපත් කළ සැකකරුවන් හතළිහක් පමණ එක දම්වැලක මාංචු දමා අධිකරණ ශාලාවට ගෙනැවිත් තිබෙන අතර සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට එලෙස නොකරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට දන්වා තිබේ.

අංක 03 අධිකරණයේ බන්ධනාගාර රැඳවියන් රඳවන සිරමැදිරිය තුළ සැකකරුවන් වැඩි ප්‍රමාණයක් ඇතුලත් කළ නොහැකි බැවින් මෙලෙස එකම දැම්මලක මාංචු දමා සැකකරුවන් අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීමට නිලධාරීන් කටයුතු කර තිබිණ

Previous articleචීනයේ අලුත්ම වෛරසයක් සීඝ්‍රයෙන් පැතිරෙයි – රෝහල් ආසාදිතයින්ගෙන් පිරෙයි
Next articleඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 70 ක් මරුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here