සමාජ ක්‍රියාකාරිකයකු වන නාමල් කුමාර මහතා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (01) දහවල් කොළඹ අපරාද කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
කාදිනල් හිමිපාණන්ට අපහාස කිරීමේ හඬ පටයක් සම්බන්ධව නාමල් කුමාර මහතා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.
එම පැමිණිල්ල පිළිබඳ විභාග කර සාධාරණයක් ඉටු කරන ලෙස කතෝලික සභාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදී නාමල් කුමාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.