Home අද ඉන්දියා – කන්කසන්තුරෙයි නැව් සේවාව යළිත් හෙට සිට – ගාස්තුව රු. 32,000...

ඉන්දියා – කන්කසන්තුරෙයි නැව් සේවාව යළිත් හෙට සිට – ගාස්තුව රු. 32,000 යි

69
0

ඉන්දියා – කන්කසන්තුරෙයි නැව් සේවාව හෙට (02) දින සිට යළි ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ.

උතුරු මුහුදු සීමාවේ පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව මෙලෙස යළිත් සක්‍රීය කිරීමට කටයුතු යොදා තිබෙන බව මෙම නැව් ක්‍රියාත්මක කරන සිවගංගී නැව් සමාගම නිවේදනය කර තිබේ.

පසුගිය වසරේ (2024) ආරම්භ වූ නැව් සේවාව ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී උතුරු මුහුදු සීමාවට බලපෑ අධික සුළිසුළං සහ කුණාටු තත්ත්වයන් මෙන් ම ගංවතුර බලපෑම් හේතුවෙන් නවතා දැමීමට නැව් සමගම තීරණය කළ අතර මෙම නැව් සේවාවට මෝසම් වර්ෂාව මගින් දැඩි බලපෑමක් එල්ල වීමෙන් නැව් සේවාව නවතා දැමීමට සිදුවීම පිළිබඳවද අවධානය යොමු කොට ඊට විකල්පයක් සෙවීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබගැනීමට ද සිවගංගි නැව් සේවා සමාගම විසින් කටයුතු කරනු ලැබ තිබේ.

හෙට (02) දිනයේ දී නැවත ඇරඹෙන මගී නැව් සේවාව සඳහා මගීන්ට අවශ්‍ය කෙරෙන ආසන වෙන්කරවා
ගැනීම සඳහා සතියකට පෙර අවස්ථාව ලබා දී තිබූ අතර ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි දක්වා ගමන් කිරීමේ ගාස්තුව වශයෙන් රුපියල් 35,000ක් අය කෙරේ.

සතියේ ඉරිදා දින හැර සෙසු සියලුම දිනයන්හි නැව් සේවා සමාගම මගී ගමනාගමනය සිදු කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටින බවද ඔවුන් නිවේදනය කර සිටී.

Previous articleපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, හිටපු හතර දෙනෙක්, දේශපාලන බිරිඳක් නුදුරේදීම අත්අඩංගුවට!
Next articleපාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු දීමනා ගෙවා නෑ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here