Home අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, හිටපු හතර දෙනෙක්, දේශපාලන බිරිඳක් නුදුරේදීම අත්අඩංගුවට!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, හිටපු හතර දෙනෙක්, දේශපාලන බිරිඳක් නුදුරේදීම අත්අඩංගුවට!

172
0

විවිධ වංචා හා දූෂණවලට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයකු ගේ බිරිඳක් ඇතුළු දේශපාලනඥයන් පස් දෙනෙක් කඩිනමි අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇති බව රජයට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මොවුන්ට එරෙහිව චෝදනා සියල්ල මේ වන විට ගොනුකර අවසන් බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.

ප්‍රබල දේශපාලනඥයාගේ බිරිය සම්බන්ධව පසුගිය පාලන සමයේද පරීක්‍ෂණ සිදු කෙරුණද ඒවා සියල්ල දේශපාලන හිතවත්කම් මත යටගැසුණු බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත දේශපාලනඥයන් අතර දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරයෙක්. හිටපු ඇමතිවරු හතර දෙනෙක්. වන බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර මෙම දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු පියවර මේ වනවිට ගෙන තිබේ.

Previous articleනිලන්තිත් CID යයි !
Next articleඉන්දියා – කන්කසන්තුරෙයි නැව් සේවාව යළිත් හෙට සිට – ගාස්තුව රු. 32,000 යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here