Home අද නිලන්තිත් CID යයි !

නිලන්තිත් CID යයි !

538
0

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීන් නිලන්ති කොට්ටහච්චිට සමාජ ජාල ඔස්සේ අපහාස කළ පුද්ගලයකු සම්බන්ධයෙන් ඇයගේ නීතිඥවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.

නීතිඥ නාමල් රාජපක්ෂ විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර රුපියල් විසිදහසක මුදලක් ගෙවමින් නිලන්ති කොට්ටහච්චි සමග හෝටලයකට ගිය බවට අදාල පුද්ගලයා සමාජ ජාල වල එම සටහන පළ කර තිබුණු බව එහිදී සඳහන් කර ඇත.

ඒ අනුව තම සේවා දායිකාවට ඉන් සිදුවූ අගතිය හා අපකීර්තිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක ලෙස පැමිණිල්ල ඉදිරිපත් කරමින් නීතිඥවරයා ඉල්ලා සිටියි.

තම සේවා දායිකාව මේ ආකාරයේ කිසිදු සබඳතාවයක් පවත්වා නොමැති බවත් එම පුද්ගලයා කිසි දිනක හඳුනන්නේ නැති බවද නීතිඥ නාමල් රාජපක්ෂ එහිදී මාධ්‍ය අමතමින් ද කියා සිටියේය.

මෑතකදී ආන්දෝලනයකට ලක් වූ ප‍්‍රාඩෝ රථයක් පැහැරගෙන යාමේ අනියම් සබදතා සිදුවීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අදාලත්වයක් නැති බවද නීතිඥවරයා මාධ්‍යවේදීන් කළ විමසීමකටද ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේය.

Previous article“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක්
Next articleපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, හිටපු හතර දෙනෙක්, දේශපාලන බිරිඳක් නුදුරේදීම අත්අඩංගුවට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here