Home අද දිනපතා ව්‍යායාම් කිරීම සියලු පොලිස් නිලධාරීන්ට අනිවාර්යය වෙයි

දිනපතා ව්‍යායාම් කිරීම සියලු පොලිස් නිලධාරීන්ට අනිවාර්යය වෙයි

132
0

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින් උදෑසන ශරීර අභ්‍යාසවල නිරත වන ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම්දී තිබේ.

පොලිස් නිලධාරින් බහුතරයක් බෝ නොවන රෝග වැළඳීමේ අවධානමට ලක්ව ඇති හෙයින් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සියලුම පොලිස් ස්ථානවල වොලිබෝල් පිටියක් ස්ථාපිත කිරීමටද වැඩ බලන පොලිස්පතිවරයා මෙම වැඩපිළිවෙළ යටතේ තීරණය කර ඇත.

ශරීර අභ්‍යාසවල නිරත වී තම ශරීර සෞඛ්‍ය රැකගෙන සිටින පොලිස් නිලධාරීන්ට වාර්ෂික ත්‍යාග සහ ප්‍රශංසා පිරිනැමීමටද කටයුතු යි කරයි.

පසුගියදා පොලිසිය විසින් කළ සමීක්ෂණයකදී හෙළි වී තිබුණේ දකුණු පළාතේ පමණක් පොලිස් නිලධාරීන්ගේ සියයට පණහකට වැඩි පිරිසක් බෝ නොවන රෝග වලට ගොදුරු විසින බවයි.

Previous articleපොලිසියේ නිල යූ ටියුබ් නාලිකාවට සයිබර් ප්‍රහාරයක්
Next articleහිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here