Home අද අනුර පෑ ප්‍රාතිහාර්ය නලින්ද පහදයි !

අනුර පෑ ප්‍රාතිහාර්ය නලින්ද පහදයි !

217
0

මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර රට ස්ථාවර කිරීම සඳහා පැහැදිලි තීරණ ගැනීමට ජනාධිපතිට හැකිවූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඒ හරහා නව රජයට මාස තුනක් ඇතුළත රට ස්ථාවර කිරීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පවසා සිටියේ කළුතර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එසේම මේ වන විට නව ආයෝජන ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති අතර, නවතා දමා තිබූ විදේශ අරමුදල් ව්‍යාපෘති කිහිපයක් යළි ආරම්භ වී ඇති බවත් ඔහු පැවසීය.

දේශීය හා ජාත්‍යන්තර ව්‍යවසායකයින් සහ ආයෝජකයින් තුළ රට කෙරෙහි විශ්වාසයක් ගොඩනැගී ඇති බව පැවසූ අමාත්‍යවරයා කොටස් වෙළෙඳපොළ ද පසුගිය කාලයේ දැඩි වර්ධනයක් පෙන්නුම් කළ බවද සඳහන් කළේය.

කෙසේ වුවත් මාස තුනකට පෙර රටේ අස්ථාවරව තිබී ජනාධිපතිවරයා විසින් රට ස්ථාවර කිරීම වෙනුවෙන් ගනුලැබූ විශේෂ ක්‍රියාමාර්ගය කුමක්ද කියා ඔහු පැවසුවේ නැත.

Previous articleජනාධිපති අරමුදල නව වසරේ නව නිවහනකට
Next articleදෙවන T20 තරගයේ ජයත් සමඟ තරගාවලියේ ජය නවසීලන්තයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here