Home අද කතානායක ධූරය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ නම යෝජනා කිරීමට විපක්ෂය තීරණය කර ඇත...

කතානායක ධූරය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ නම යෝජනා කිරීමට විපක්ෂය තීරණය කර ඇත !

30
0

ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු එහි පළමු කාර්ය ලෙස කතානායක ධූරය සඳහා විපක්‍ෂයේ නියෝජිතයාගේ නම යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

කථානායක ධූරය සඳහා ආණ්ඩු පක්ෂයෙන්ද නමක් යෝජනා කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව එම ධුරයට දෙදෙනෙක් ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා ඡන්ද විමසුමක් පැවැත්වීමට සිදුවනු ඇත.

මේ සම්බන්ධව අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ කථානායක ධුරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කරන මන්ත්‍රීවරයාගේ විශ්වසනීයත්වය පිළිබඳව ගැටලුවක් පවතින බැවින් නමක් යෝජනා කරන බවයි.

ජාතික ජන බලවේගය බොරු පොරොන්දු වලින් ජනතාව රැවටීමට ලක් කලා පමණක් නොව අධ්‍යාපන සුදුසුකම් ඇති බව කියමින් ජනතාව රවටා ඇති බව ඒ මහතා පැවසීය.

ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වමින් ජනතාව රැවටීමට ලක් කර ඡන්දය ලබා ගැනීම බරපතළ වරදක් බවත් එවැනි මහජන නියෝජිතයින් තමන් දරන තනතුරුවලින් පමණක් මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්විය යුතු බව නලින් බණ්ඩාර මහතා පැවසීය.

Previous articleචීනය දුන් නිළ ඇදුම් වලට අගමැති හරිණි තායිවානයට ස්තූති කරලා — හදුන්නෙත්ති ඉරාකය මඟ හරී : ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අර්බුදයක්?
Next articleඉන්දියාව පෝස්ටර් අලවා අනුරව පිළිගනියි : වැඩබලන අමාත්‍යවරුන් 5ක් පත්කෙරේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here