Site icon Newshub

කතානායක ධූරය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ නම යෝජනා කිරීමට විපක්ෂය තීරණය කර ඇත !

ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු එහි පළමු කාර්ය ලෙස කතානායක ධූරය සඳහා විපක්‍ෂයේ නියෝජිතයාගේ නම යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

කථානායක ධූරය සඳහා ආණ්ඩු පක්ෂයෙන්ද නමක් යෝජනා කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව එම ධුරයට දෙදෙනෙක් ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා ඡන්ද විමසුමක් පැවැත්වීමට සිදුවනු ඇත.

මේ සම්බන්ධව අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ කථානායක ධුරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කරන මන්ත්‍රීවරයාගේ විශ්වසනීයත්වය පිළිබඳව ගැටලුවක් පවතින බැවින් නමක් යෝජනා කරන බවයි.

ජාතික ජන බලවේගය බොරු පොරොන්දු වලින් ජනතාව රැවටීමට ලක් කලා පමණක් නොව අධ්‍යාපන සුදුසුකම් ඇති බව කියමින් ජනතාව රවටා ඇති බව ඒ මහතා පැවසීය.

ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වමින් ජනතාව රැවටීමට ලක් කර ඡන්දය ලබා ගැනීම බරපතළ වරදක් බවත් එවැනි මහජන නියෝජිතයින් තමන් දරන තනතුරුවලින් පමණක් මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්විය යුතු බව නලින් බණ්ඩාර මහතා පැවසීය.

Exit mobile version