කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධව මතුව ඇති ගැටළුව ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදයක් බවට පත්වීමට ඉඩ නොතබා ඒ සම්බන්ධව වහා රටට ප්‍රකාශයක් කරන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයා ගෙන් ඉල්ලා ඇතැයි ඉතාවිශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ලබන 17 වැනිදා තමන් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරන බව කතානායකවරයා එම මන්ත්‍රීවරුන් හමුවේ පවසා ඇතැයි ඉහත ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධව මේ වන විට සමාජය තුළ දැඩි විවේචනයක් හටගෙන තිබෙන අතර ඒ තත්ත්වය තවදුරටත් ඉදිරියට යෑමට ඉඩ හැරීමෙන් ආණ්ඩුවට හානිකර තත්ත්වයක් උදා වීමට ඉඩ ඇති බව මන්ත්‍රීවරු කතානායකවරයාට පෙන්වා දී තිබේ.
උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තමන් රටට ප්‍රකාශයක් සිදු කිරීමට සූදානමින් සිටින බවද කතා නායකවරයා මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කළ බව ඉහත ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.