Home අද රනිල්ට එරෙහිව පැවරූ FR පෙත්සමක් විසිවෙයි !

රනිල්ට එරෙහිව පැවරූ FR පෙත්සමක් විසිවෙයි !

58
0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

අදාළ විනිසුරු පත්කිරීම ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු වූ එස්.එම්.පතිරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන්නේය.

Previous articleඇත්ත කියන්න – කතානායකට ආණ්ඩු පක්ෂයෙන්ම බලපෑම්
Next articleඋතුරේ පැතිර යන උණ උඩුදුවන ලකුණු – දැනටම මරණ 07ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here