අයහපත් කාලගුණ තත්ත්වය අවසන්ව ගියද මේ වන විට උතුරු පළාතේ ගොවිබිම් කූඩිත්තන් හේතුවෙන් හානිවෙමින් ඇති බව ගොවි සංගම් පෙන්වාදෙයි.
ගොවි සංවිධාන සඳහන් කරන ආකාරයට අක්කර 23000 ක පමණ වගාබිම් ප්‍රමාණයක් කූඩිත්තන් ගේ බලපෑමට නතුවෙමින් ඇත.
කූඩිත්තන් සඳහා යොදන කෘෂි රසායන වලට කූඩිත්තන් විනාශ නොවන බවටද මැසිවිලි නඟන ගොවි සංවිධාන නියෝජිතයන් මේ සම්බන්ධව කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන බවද පවසයි.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තම කුඹුරු ඉඩම් අක්කර 63000ක් පමණ විනාශ වූ බව පවසන ගොවි සංවිධාන ඉතිරිවූ ගොවි බිම් කූඩිත්තන් හේතුවෙන් අවධානමට ලක්ව තිබීම හමුවේ ප්‍රදේශයේ ගොවි ජනතාව බලවත් පීඩාවකට පත්ව ඇති බවද පෙන්වාදෙයි.