Home අද වාහන ⁣ආනයනයට රජය කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නැහැ

වාහන ⁣ආනයනයට රජය කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නැහැ

122
0

ලබන වසරේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එවැනි තත්ත්වයක් මත වාහන මිල දී ගැනීම හෝ ඒවා විකිණීම සම්බන්ධයෙන් කලබල විය යුතු නොමැති බව එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

වසර 4-5 කින් වාහන ⁣ආනයනය සිදු නොකළ නිසා වාහන ආනයන ක්ෂේතය කඩාවැටීමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් වාහන ගෙන්වීම අත්‍යාවශ්‍ය වී ඇති බවත් පෙන්වා දෙන ඒ මහතා, ලබන වසරේ බස්, ලොරි ආනයනය කර දෙවන තුන්වන අදියර යටතේ අනෙකුත් වාහනත් ගෙන්වීමට කටයුතු කරන්නේ නම් එයා වඩාත් වැදගත් බවද පෙන්වා දෙයි.

දැනට කිසිදු වාහනයක් ගෙන්වීමට රජයේ තීරණයක් නොමැති බවත් රජයෙන් තීරණය වෙනස් වන්නේද යන්න තමන්ට පුකාශ කල නොහැකි බවද පවසයි.

මෙතෙක් රජයේ කිසිම කෙනෙක් වාහන ගෙන්වන කාලසීමාවන් ප්‍රකාශයට පත්කර නොමැති හෙයින් මේ ගැන නිශ්චිතව පඅකාශයක් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මානගේ මහතා පවසයි.

Previous articleවිදුලි ගාස්තු අඩු කරනු : විදුලි පාරිභෝගිකයන් පන්දම් අතට ගන්න සූදානමක්
Next articleපලාගිය සිරියානු ජනපති රුසියාවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here