Home අද විදුලි ගාස්තු අඩු කරනු : විදුලි පාරිභෝගිකයන් පන්දම් අතට ගන්න සූදානමක්

විදුලි ගාස්තු අඩු කරනු : විදුලි පාරිභෝගිකයන් පන්දම් අතට ගන්න සූදානමක්

105
0

ජාතික ජනබලවේගය පක්ෂය විපක්ෂයේ සිටින විට විදුලි ගාස්තු අඩු කිරීමට බලකරමින් පන්දම් අතටගත් බවත් මේ වන විට ඔවුන් ආණ්ඩුවක් පිහිටුවා විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු නොකලහොත් තමන්ට පන්දම් අතට ගැනීමට සිදුවන බවත් විදුලි පාරිභෝගිකයන් ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල පවසයි.

වත්මන් පාලනය මැතිවරණ වේදිකාවේ පොරොන්දු වූයේ විදුලි ගාස්තු 30%කින් අඩුකිරීමට බව සිහිපත් කළ ඒ මහතා මේ වන විට සියලු බලාගාර ජල විදුලියෙන් විදුලි උත්පාදනය කරන බැවින් මිල පහත දැමීමට ගැටලුවක් නොමැති බවද සඳහන් කළේය.

විදුලි පාරිභෝගිකයන් ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි .

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

විදුලි බලමණ්ඩලය මහජන උපයෝගීතාව කොමිසම ට දැනුම්දී තිබෙනවා ඉදිරි මාස 6 විදුලි බිල පහත දමන්න බෑ කියලා. ඒක මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිද කියලා සැකයි. මොකද ඔවුන් මැතිවරණ වේදිකාව කිව්වේ විදුලි බිල 30% වඩා අඩු කරන්න අවශ්‍ය බවයි. පසුගිය සමයේ මහජන උපයෝගීතා කොමිසමට විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනා යැව්වා.

එතැනදී ඔවුන් යවනු ලැබුවේ සියයට හයට වගේ ප්‍රමාණයක් ගාස්තු අඩු කිරීමටයි . එය ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැන්වුවා. ඒ නිසා නැවත යෝජනා ඉල්ලුවා. දැන් අපි කියන්නේ දුන්න පොරොන්දු ඉටු කරලා, විදුලිබිල අඩු කරන්න කියලයි . මේ වෙනකොට සියලු බලාගාර උතුරුල ගිහින් තියෙන්නේ. ජල විදුලියෙන් තමයි සියලු බලාගාර විදුලිය උත්පාදනය කරන්නේ. මේ වෙනකොට සියයට හැට දෙකක් විදුලිය ජල විදුලින් උත්පාදනයනය කරන්නේ ජලයෙන් .

මොකක්ද මේ හදන පුනරුදය විදුලි බිල වැඩි කරලා පෝසත් වෙනවද කියලා ඇසිය යුතුයි. කටේ නරි වාදම් රෙද්දෙ පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට. කෝ එදා ඔවුන් විදුලි ගාස්තු අඩු කරන්න කියලා අතට ගත්ත පන්දම්. දැන් අපිට තමයි ඒ පන්දම් අතට ගන්න වෙලා තියෙන්නේ

Previous articleලාල් ගේ කතාව දුරදිග යයි : මණ්ඩලේ කචල් : ප්‍රසිද්ධ නිවේදනයක් එළියට !
Next articleවාහන ⁣ආනයනයට රජය කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here