Home අද ජනාධිපති මැදිහත් වෙලා හාල් මෝල්ලුන්ට තවත් රුපියල් 10ක් වැඩිපුර අරගෙන දීලා !

ජනාධිපති මැදිහත් වෙලා හාල් මෝල්ලුන්ට තවත් රුපියල් 10ක් වැඩිපුර අරගෙන දීලා !

312
0

සහල් කිලෝවක් සඳහා පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට එකඟතාවයකට පැමිණ ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ.සේමසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ සහල් සඳහා රජය විසින් මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමිනි.

එහිදී සේමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය .

“සහල්වල තිබුණු මිලට වඩා රුපියල් 10කින් ඉහළ දමලා විකුණන විදිහට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ සහල් සම්බන්ධයෙන් ගැසට් කරපු මිලක් තිබුණා. ඒ මිල තමයි කැකුළු සහල් කිලෝ එකක් 210යි, නාඩු කිලෝ එකක් 220යි, සම්බා කිලෝ එකක් රුපියල් 230යි සහ කීරි සම්බා 260ක් විදිහට තමයි තිබුණේ. නමුත් අද දවසේ සිට කීරි සම්බා හැර අනෙක් සහල් වර්ග 03 සඳහා රුපියල් 10ක වැඩිවීමක් නියම වෙලා තියෙනවා. මේක නෙමෙයි කරන්න තිබුණේ. නියාමනයට යටත්ව සහල් විකිණීම සම්බන්ධයෙන් වැටලීම කිරීම තමයි සිදුකළ යුතුව තිබුණේ. නමුත් මේ තීන්දුව දැන් අරගෙන තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා සහ රජය විසින් මේ ගත්තු තීරණයට අනුව, අද දවසේ සිට පාරිභෝගික අධිකාරිය හරහා සහල් වැටලීම් සිදුකරන්න ආරම්භ කරයි කියලා. එහෙම නොකළොත් මේ රටේ පාරිභෝගික ජනතාව දැවැන්ත අසාධාරණයකට ලක්වෙනවා. රුපියල් 10ක් සහල්  වැඩිකරලා දීලා මහා පාරිමාණ වී  මෝල් හිමියන්ට තවත් රුපියල් 10කින් ඔවුන්ගේ ලාභය වැඩිකරලා දුන්න අවස්ථාවකත් මෙය නොවිය යුතුයි. ඒ නිසා අනිවාර්යෙන් පාරිභෝගික අධිකාරිය විසින් ලංකාව පුරා සියලුම වෙළෙඳසැල් සහ වී මෝල වලට හිල්ලා ඒ වැටලීම් සිදුකරලා මේ සම්බන්ධයෙන් කටයුතු සිදුකළ යුතුයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාරිභෝගික ජනතාව පවසන්නේ අවසානයේ තමන්ට සිදුවූයේ තවත් රුපියල් 10ක් වැඩිපුර ගෙවීමට මිසක් අන් යමක් නොවන බවයි. එහි වාසියද අවසානයේ මහමෝල් හිමියන්ට නොවේනම් වෙන කාටද කියාද මේ පිරිස් ප්‍රශ්න කරති.

ඉතා පැහැදිලිව රටේ වී නිෂ්පාදනය ගබඩා කරගනිමින් සහල් මාෆියාව හරහා අයුතු ලාභ ලබන සහල් මාෆියාව ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙන බව මේ හරහා පැහැදිලි වන බවටද ඔවුන් චෝදනා නඟයි.

Previous articleඉදිරි අයවැයෙන් වැට් බදු පහළට !
Next articleජනපති පලායයි : හිස්බුල්ලා පසුබසියි – සිරියාවම කැරලිකරුවන් අතට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here