සමඟි ජනබලවේගයේ පක්ෂ සම්මේලනෙ කථික ලැයිස්තුවෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ නම ඉවත්කර ඇති බව වාර්තා වෙනවා.
සමගි ජන බලවේගය පක්ෂය තුළ වේගයෙන් ඉහළට එමින් ජනතා කැමැත්ත වැඩි වැඩියෙන් දිනාගනිමින් සිටින නවක මන්ත්‍රීවරයකු ලෙස ප්‍රසාද් සිරිවර්ධන මහතා පත්ව ඇති අතර පාර්ලිමේන්තුව තුළ සහ දේශපාලන වැඩසටහන් තුළ ඒ මහතා සිය කථිකත්වය සහ තර්කන හැකියාව භාවිතා කිරීමෙන් ආණ්ඩු පක්ෂය ප්‍රශ්න කිරීම ජනතා ප්‍රසාදය වැඩි වැඩියෙන් දිනාගැනීමට හේතුව වී තිබේ.
මේ හේතුව නිසාම ප්‍රසාද් සිරිවර්ධන මහතා විපක්ෂනායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙසද ඉකුත් පෙබරවාරි 27 වැනිදා පත්කරනු ලැබුවා.
කෙසේ වෙතත් පක්ෂය තුළ සහ ජනතාව අතර ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ වේගවත් ඉදිරි ගමන විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට තර්ජනයක් සේ සලකා සමඟි ජනබලවේගයේ පක්ෂ සම්මේලනයේ කථික ලැයිස්තුවෙන් ඒ මහතාගේ නම ඉවත්කිරීමට කටයුතු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.