ටින් මාළු සඳහා පාලන මිලක් 2024 දෙසැම්බර් 27 පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නියමකර තිබියදී රජයට අයත් සතොස ආයතනය අඩු මිල ලෙස දක්වමින් පාලන මිල ඉක්මවා ටින් මාළු අලෙවි කිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කෙරෙමින් තිබේ.
එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ගැසට් පත්‍රයක් නිකුත්කර පාලන මිලක් පැනවූ නමුත් එයින් ජනතාව රැවටුණා මිස වෙළෙඳ පොල මිලෙහි වෙනසක් සිදුව නොමැති බවයි.
ඊට අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් 2024 දෙසැම්බර් 28 වනදා සිට ක්‍රියාත්මක ලෙස නිකුත්කළ ගැසට් නිවේදනය මඟින් මැකරල් ටින් මාළු 425 g සඳහා රුපියල් 420 ක පාලන මිලක් නියම කෙරිණ.
නමුත් 2025 මාර්තු 18 වනදා ලංකා සතොස ආයතනය නිකුත්කළ ඔවුන්ගේ අඩු මිල භාණ්ඩ ලැයිස්තුවේ සැමන් ටින් මාළු 425g දක්වා තිබෙන්නේ රුපියල් 490ක් ලෙසය.
මෙහිදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කර සිටින්නේ 2024 දෙසැම්බර් 27 ගැසට් නිවේදනයට වඩා ඉහල මිලකට සතොස ආයතනය මිල සඳහන් කර, එය වෙළෙඳ පොළ අඩුම මිල ලෙස නම් කර තිබීමය.
එසේම 2024 දෙසැම්බර් 28වනදා සිට බලපැවැත්වෙන ගැසට් නිවේදනය නිකුත්කර සිටියත්, මැකරල් ටින් මාළු 425g මිල එවකට රුපියල් 500. 00 ක් පමණ වූ බවත්, මේ මොහොතේ සතොස අඩුම මිල ලෙස රුපියල් 490ක් ලෙස නම් කිරීම සමඟ ගැසට් පත්‍රයේ කුමන මිලක් සඳහන් කර තිබුණත්, සැබෑවටම වෙළෙඳපොළ මිල රුපියල් 500ක් බව තහවුරු වන බවත් ඔවුන් පෙන්වාදෙයි.
එසේම ඇතැම් පාර්ශ්ව මෙකී මිල අඩු කිරීම ජනතාව ගැසට් මඟින් ඇන්දවීමක් ලෙස දක්වමින් හාස්‍යට ලක්කර තිබේ.
සතොස අඩුම මිල පුවත
2024/12/27 පාරිභෝගික කටයුතු අධිකාරියේ ගැසට් පත්‍ර