ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් ඇමැතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20 ක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
2008 සහ 2024 තෙක් පැවති ආණ්ඩු යටතේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමට අදාල ලිපිගොනු 22 ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
2008 සහ 2024 කාලය තුළ ඇමතිවරු හා මන්ත්‍රීවරු ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටි 10 ට වැඩි ප්‍රමාණයක් ලබාදෙන ඇති බව මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම මුදල් ලබා ගැනීමේදී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් අප කළ විමසමකට පිළිතුරු දෙමින් පැවසීය