Home අද ඇමරිකාවේ නව බද්දෙන් මෙරට ක්ෂේත්‍ර රැසකට බලපෑම් – වැඩිම බලපෑම ඇඟලුම් කර්මාන්තයට...

ඇමරිකාවේ නව බද්දෙන් මෙරට ක්ෂේත්‍ර රැසකට බලපෑම් – වැඩිම බලපෑම ඇඟලුම් කර්මාන්තයට – ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙයි

100
0

ඇමෙරිකාවට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44 ක බද්දක් පැනවීම හේතුවෙන් මෙරට ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල වී ඉදිරියේදී අර්බුද රැසක් රට තුළ නිර්මාණය විය හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ අපනයන වලින් 25% කට වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට බවත් තීරු බදු වැඩි කිරීම අපනයන ආදායමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපනයන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීම සම්බන්ධව හා එමඟින් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම පිළිබඳව ආර්ථික විශේෂඥයින් කිහිපදෙනෙක් newshub.lk වෙත අදහස් දක්වමින් තවදුරටත් කියා සිටියේ නවබදු පැනවීම ඇඟලුම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ අතර වැඩි ප්‍රමාණයක් ඇඟලුම් වන අතර ඒ අනුව ඇඟලුම් කර්මාන්තයට එල්ල වන බලපෑම මත ඉදිරියේදී එම ක්ෂේත්‍රයේ රැකියා සම්බන්ධව පවා ගැටලු මතුවිය හැකි බව ඔවුහු පැවසූහ.

බදු පනවා ඇති අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරටට පනවා ඇති බදු ඉතා ඉහළ අගයක් ගන්නා බව පෙන්වා දෙන ඔවුහු මෙමගින් මෙරට අපනයනයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව පවසති.

මේ අනුව ශ්‍රී ලංකාවට ඉදිරියේදී අහිතකර ආර්ථික බලපෑම් වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඔවුහු අනතුරු අඟවා සිටියහ.

Previous articleජනතාවට දළදාව දකින්න ලැබෙන්නෙත් අනුර ජනාධිපති නිසා : පෝලිමේ ගියත් ප්‍රතිඵල ශුවර් – ඇමති ලාල්
Next articleඑස් .එම් රංජිත් සහ ශාන්ති චන්ද්‍රසේන අභියාචනා අධිකරණයට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here