Home අද ශ්‍රී ලංකාවට ට්‍රම්ප්ගෙන් 44% ක ආනයන බද්දක්

ශ්‍රී ලංකාවට ට්‍රම්ප්ගෙන් 44% ක ආනයන බද්දක්

627
0

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

No description available.

අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කළ අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර එහිදී ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබිණ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ, “අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණයි” කියාය.

මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා සියයට 10ක තීරු බද්දක් ඇතුළත් වන අතර අමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා ඉහළ තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර එය ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත්ව තිබීමද විශේෂත්වයකි.

No description available.

ඒ අනුව කාම්බෝජනයට සියයට 49ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර වියට්නාමයට සියයට 46ක තීරුබදු පැනවීමක් සිදුකර තිබේ.
බංග්ලාදේශයට සියයට 37ක, තායිලන්තයට සියයට 36ක, චීනයට සියයට 34ක, ඉන්දියාවට සියයට 26ක බදු පැනවීමක් සිදුකර ඇති අතර යුරෝපීය සංගමයට ද සියයට 20ක තීරු බදු පැනවීමක් සිදුකර ඇත.

ආර්ථික විශේෂඥයන් පවසන්නේ මෙතෙක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 12.2ක තීරුබදු පැනවීමක් සිදුකර තිබු අතර මෙම නව බදු පැනවීමත් සමග මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි. නමුත් ඒ සම්බන්ධව ශ්‍රී ලංකාව පෙර සූදානමක සිටියේද යන්න ප්‍රශ්නයක් බවද ඔවුන් පෙන්වාදෙයි.

සැබවින්ම මෙහි දැඩිම බලපෑම ඇඟලුම් කර්මාන්තයට බව පවසන ඔවුන් , 2024 වර්ෂයේ අමෙරිකාව විසින් මෙරටින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 346කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇති නමුත් නව බදු යටතේ එහි සෘජු බලපෑම එල්ල වන බවද පෙන්වාදෙති .

එසේම වැඩිම සාර්ථක වෙළඳ ශේෂයක් පවතින්නේ ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතරේ බවද පෙන්වාදෙන අර්ථික විශ්ලේෂකයයන් එය 88%ක් බවද පවසයි . නිදර්ශනයක් ලෙස ශ්‍රී ලංකාව 2024 වර්ෂයේදී ඇමෙරිකාවට අපනයනය කර ලැබුන විදෙස් විනිමය ඇමෙරිකානූ ඩොලර් බිලියන 3 ද ඉක්මවූ බවත් ඇමෙරිකාවෙන් ලංකාව විසින් ආනයනය කල ප්‍රමාණය ඇමෙරිකානූ ඩොලර් මිලියන 360ක් පමණක් බවත් ඩොලර් බිලියන 2.6 ක එම වෙළෙඳ ශේෂ ය ලංකාවට ඉතාමත් වාසිදායක බ්ව පෙන්වාදෙන ආර්ථික විශ්ලේෂකයන් නව බද්ද “ප්‍රතිප්‍රමාණ” (reciprocal) බද්දක් ලෙසද දක්වයි. ඒ අනුව ලංකාවට 44% ක බද්දක් පනවා තිබෙන්නේ ඇමරිකානු භාණ්ඩ ආනයනයේදී ලංකාව 88%ක ආනයන බද්දක් අයකරන නිසාය.

කෙසේවෙතත් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ දැනටමත් දුර්වල මෙරට විදෙස් සංචිත අර්බුය හිස ඔසවනු ඇති බවයි

Previous articleSJB පක්ෂ සම්මේලනයෙන් ප්‍රසාද්ගේ කතාව කැපේ !
Next articleජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් මැති ඇමතිවරු 20 ක් ගැන CID පරීක්ෂණ අරඹයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here